
ජනවාරි 18 වැනිදා අන්තර්ජාලයේ ජනප‍්‍රිය වෙබ් අඩවි කිසියම් විශාල ප‍්‍රමාණයක් (ගූගල්, යාහූ, යූ ටියුබ්, ෆේස්බුක්, ටුවිටර්, ඊබේ, රොබ්ලොක්ස්, විකිපීඩියා වැනි) වෙබ් අඩවිවලට අදාළව ඇමරිකාව කෙටුම්පත් කර ඇති නීති සම්පාදන දෙකකට (සෝපා හා පයිපා) එරෙහිව සිය වෙබ් අඩවිවල ක‍්‍රියාකාරීත්වය ක‍්‍රියාවිරහිත කිරීම තුළ එක් දින සංකේත වර්ජනයක නිරත විය.
මෙය අන්තර්ජාල විෂයයෙහි මෙතෙක් ලෝකයේ ඇතිවූ දැවැන්ත සංසිද්ධියක් ලෙස සැලකිය හැකි වුවද ඒ ගැන ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවල ප‍්‍රමාණවත් තරමේ වාර්තාකරණයක් සිදු නොවීය. ප‍්‍රමාද වී සමහර ඉංග‍්‍රීසි පුවත්පත් ඒ ගැන වාර්තාකර තිබුණද ශ‍්‍රී ලංකාවේ කිසිම ජනමාධ්‍යයක ඒ ගැන හොඳ විශ්ලේෂණයක් පළවී නැත.
සෝපා නීතිය පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන නීති කෙටුම්පතකි. පයිපා නීතිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන නීති කෙටුම්පතකි. මෙම නීතිය යටතේ වෙබ් අඩවි විමර්ශනය කිරීමේ බලය බලධාරීන්ට හිමිවේ. නීතියට පටහැනිව ක‍්‍රියාකරන වෙබ් අඩවිවලට එරෙහිව නඩු පැවරීමේ බලයද හිමිවේ. අන්තර්ජාල පහසුකම් සපයන ආයතනවලටද තමන් පහසුකම් සපයන වෙබ් අඩවි නීතියට අනුකූලව ක‍්‍රියාකරන තැනක තබාගැනීමේ නීතිමය වගකී