ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

කෙළවර කුමක්ද?

ආණ්ඩුවේ සමහර දඩබ්බර ක‍්‍රියා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ හොඳ නම පමණක් නොව රටේ හොඳනමද කැත කරන්නට හේතුවී තිබේ. ආණ්ඩුවට ආණ්ඩුවේ හොඳ නම කැතකර ගැනීමේ අයිතියක් ඇතත්, රටේ හොඳ නම කැත කිරීමේ අයිතියක් නැත.

ඉතාමත්ම ඛේදජනක දේ වනුයේ රට විශාල ජාත්‍යන්තර අවුලක පැටලී සිටින අවස්ථාවකදී එය මුළුමනින් නොසලකා රටේ හොඳ නම කැත කිරීමට හේතුවන අවලස්සන දේවල් දිගින් දිගට සිදුවීමය.

තිරගත කැරුණු අලූත්ම රංගනය ලෙස සැලකිය හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීමේ සිද්ධියයි. එවැනි පැහැරගැනීමක් සිදුවී නැති බව ආරක්ෂක ලේකම්වරයා පුන පුනා කියා සිටියේය. කුමාර් ගුණරත්නම් කෙනෙකු ලංකාවට පැමිණ නැති බවද කීවේය. එහෙත් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු පුරවැසියකු ලෙස සලකා ඕස්ටේ‍්‍රලියානු මහ ලේකම් කාර්යාලය ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සි...



කොටින්ට දාපු ජාත්‍යන්තර දැළ දැන් ආණ්ඩුවට වැටිලා

එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල

විමලනාත් වීරරත්න [Sunday, April 22, 2012]

ජිනීවා යෝජනා ගැන ආණ්ඩුව දක්වමින් සිටින ප‍්‍රතිචාර පිළිබඳව ඔබේ තක්සේරුව මොකක්ද?

ආණ්ඩුවට මේ පිළිබඳව එක ස්ථාවරයක් නැහැ. මහින්ද සමරසිංහත් කළේ උගත් පාඩම් කොමිසමේ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට කල් ඉල්ලපු එක. ජීල්.එල්.පීරිස් මේ ගැන කියන්නෙ එම යෝජනා පිළිබඳව රජයට නෛතික බැඳිමක් නැහැ ඒ නිසා පිළිගන්නෙ නැති බවයි. ආණ්ඩුවේ ඇතැම් ප‍්‍රකාශකයන් කියන්නෙ යෝජනාවල සමහර ඒවා කි‍්‍රයාත්මක කරනවා. තවත් සමහර ඒවා කි‍්‍රයාත්මක කරන්නෙ නැහැ කියලයි ආණ්ඩුව පළමුව මේ ගැන එක මතයකට පැවසිය යුතුයි.

ඇමතිවරු එබඳු ප‍්‍රකාශ කළත් මේ ප‍්‍රශ්නය පිළිබඳව සැබෑ තීරකයා ජනාධිපතිවරයායි. ඔහුගෙන් ප‍්‍රතිචාරයක් නොමැතිවීම අපිට සලකා බලන්න වෙන්නෙ කොහොමද?

කැබිනට් මණ්ඩලයටවත්, ජනාධිපතිවරයාටවත් මේ ප‍්‍රශ්නය කතා කරන්න බැරි මේකෙ තියෙන්නෙ ආණ්ඩුව පසුගිය කාලය තුළ පොරොන්දු වෙච්ච දේවලූයි. ආණ්ඩුව මේ මේ දේවල් පොරොන්දු වුණත් ඒවා ඉටු කෙරුවෙ නැහැ කියන එකයි යෝජනාවලියේ තිබෙන්නෙ. ඒ නිසා අවුරුද්දක් කල් ලබාදීලා තියනවා ඒවා කරන්න. ඒ යෝජනාවේ මුල් කොටසෙ තියෙන්නෙ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ උණුසුම් අන්දමින් පිළිගන්න බවයි. ලංකාවෙ අතුරුදන් වීම් කෙරෙනවා. ඒවා නවත්වන්න නීති විරෝධී ඝාතන කෙරෙනවා. ඒවා වහාම නතර කරන්න. රැදවියන් ගැන සමාලෝචනයක් කර ඔවුන්ගේ නම් ලැයිස්තු නිකුත් කිරීම, මේ රටේ මාධ්‍ය නිදහසක් නැති නිසා එය ඇති කිරීම, අධිකරණය පොලීසිය ස්වාධීන නැති නිසා ඒවා ස්වාධීන කිරීම, මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීලා නැහැ, ඒක අවශ්‍යයි. ඒ නිසා වහාම එය ඉටු කරන්න මේවා තමයි යෝජනාවලියෙත් තියෙන්නෙ. ඒවා උගත් පාඩම් කොමිසමේ යෝජනාවලියෙත් තිබෙනවා. මේවා නොපමාව කි‍්‍රයාත්මක කරන්න කියලයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලින් අවධාරණය කෙරෙන්නෙ. එම යෝජනාවලියේ අනික් කොටස තමයි අපේ ආණ්ඩුව ලිඛිතව දුන් පොරොන්දුවක් ඉටු කරන්න කියන එක. ඒක තමයි 2009 මැයි මාසේ එ.ජා සංවිධානයේ මහලේකම්වරයා ලංකාවට ආපු වේලාවෙ මූන් සහ ආණ්ඩුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරුවා. ඒකෙදී ආණ්ඩුව ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව පෙරොන්දුවක් දීලා තිබෙනවා. යුද්ධ කාලයේදි සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පරීක්ෂණයක් කරනවා කියලා. ආණ්ඩුව තවම ඒ පොරොන්දුව ඉෂ්ට කර නැහැ. ඒක කරන්න කියලයි යෝජනාවලියේ අනික් කොටසේ තියෙන්නෙ. ආණ්ඩුව ඉටු නොකරපු ඒ කොටස් දෙකම ඉෂ්ට කරන්නයි වසරක් කල් දීලා තියෙන්නෙ. ඒක නොකර විපක්ෂයට චෝදනා කරලා වැඩක් නැහැ අපි ලෝකෙ වටේ ගිහින් කේළම් කියනවා කියලා. අපි කේළාම් නොකීවාට ඊමේල්වලින් ලෝකෙ ඕන දෙයක් මිනිස්සු ක්ෂණයකින් දැන ගන්නවා.

ආණ්ඩුවේ කල්මැරීමේ ප‍්‍රතිපත්තියේ අරමුණ මොකක්ද?

ආණ්ඩුව මේකෙ බරපතළකම නොදැන ඉන්නවද දැනගෙන කල්ගතකරනවද කියලා හිතාගන්න අමාරුයි. ප‍්‍රශ්ණය තේරුම් අරගෙන කරගන්න අතක් නැතුව ඔවුන් ඉන්නවද කියලත් එක වෙලාවකට හිතෙනවා. දැන් බලන්න අපේ රට බෙදීමේ මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නෙ. පසුගිය වසර පහළව තුළ අලූත් රටවල් ගණනාවක් බිහිවුණා. එකක් තමයි නැගෙනහිර ටිමෝරය කෝසෝවෝ සහ සුඩානය බිහි වුණා. මේ රටවල් බෙදීමේ මූලික කි‍්‍රයාවලිය පටන් ගත්තෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන්. නැගෙනහිර ටිමෝරය එකල ඉන්දුනීසියාවේ කොටසක්. 90 දශකයෙ මුල ඉන්දුනීසියාවට චෝදනා එල්ල වුණා නැගෙනහිර ටිමෝරයෙ ජනයාට හිරිහැර කරන බවට. ඒක අපේ උතුරෙ වගේම ප‍්‍රශ්නයක්. 93 දී ඉන්දුනීසියානු රජයට එරෙහිව යෝජනාවලියක් යූ.එන් මානව හිමිකම් කොමිසමෙන් ආවා. ඒක ලංකාවට ආපු යෝජනාවලිය හා සමානම එකක්. නැ.ටිමෝරය ඉන්දුනීසියාවෙ කොටසක්. එහි නීති විරෝධී ඝාතන, අතුරුදන් වීම්, පැහැර ගැනීම් සිදුවෙනවා. මේවා ගැන පරීක්ෂණයක් නැහැ. පසුව ඉන්දුනීසියා රජය මේ ගැන සොයන්න කොමිසමක් පත් කළා. ඒ කොමිසම හරියට වැඩ කරලා නැහැ. එම නිසා ඉන්දුනීසියාව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කර තිබෙනවා කියලා පළමුව යෝජනාව ආවෙ ලංකාවෙ යෝජනාවලියේ ස්වරූපයෙන්මයි. ඒකත් බැලූබැල්මට එතරම් ප‍්‍රශ්නයක් නැති එකක්. අපිට කල් දුන්නා වගේ අභ්‍යන්තර පරීක්ෂණ කරන්න, මිනිස් ඝාතන ගැන සොයන්න ඔවුන්ටත් කල් දුන්නා. එහෙත් ඔවුන් ඒක කෙරුවේ නැහැ. ඒ නිසා පැවැති තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් කෙරුවා. 2000 වන විට තීරණය කෙරුවා නැගෙනහිර ටිමෝරයට වෙන් වෙන්න ඉඩ දිය යුතුයි කියලා. එ.ජා සංවිධානය තීරණය කෙරුවා. එහි අන්තිම පියවර ලෙස ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවකුත් සම්මත වුණා. අපි දැනට ඉන්නෙ ඔය වැඩපිළිවෙළේ ආරම්භයේයි. දැනට අපිට පක්ෂව රටවල් 15 ක් හිටියාට වසරකින් අපි කැපී පෙනෙන දෙයක් නොකළොත් ඊළ`ග වතාවෙ ඔය ඡුන්ද ගණනවත් ලැබෙයිද කියන එක සැකයි. අපිට ඡුන්දය දුන් පිරිස කියන්නෙ ශී‍්‍ර ලංකා රජය ගැන ඔවුන්ට විශ්වාසයි, මේ යෝජනා ඉදිරියේදී කි‍්‍රයාත්මක කරයි කියලයි. එහෙත් අපි වසරක් තුළ අපේ පැත්තෙන් පරීක්ෂණ අරම්භ කරලා සාධාරණ වැඩ කොටසක් නොකළොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් රට සම්බන්ධයෙන් එනවා. ඒක එන්න නියමිත දරුස්මාන් වාර්තාව උඩ. ඊට පස්සෙ මේක ආපස්සට හරවන්න බැහැ. ඔය තත්ත්වයට තමයි කොසෝවෝ රාජ්‍යයන් මුහුණ දුන්නෙ. සුඩානයෙත් අත්දැකීම එහෙමයි.

මෙහි බරපතළකම ආණ්ඩුව තුළ සාකච්ඡාවට නොගැනෙන බවයි පෙනෙන්නෙ. ඒ ගොල්ලො ලංකාවෙ අයට විතරනෙ කතා කරන්නෙ. ඒ කතා ඇතුළෙ තියෙන්නෙ ති‍්‍රල් එකක් විතරක් බවත් පේනවා. යෝජනාව ගැන ගැඹුරින් කල්පනා නොකර ලංකාව ආක‍්‍රමණය කරන්න ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් උත්සාහ කරනවා කියන පදනමිනුයි ඔවුන් මේ ප‍්‍රශ්නය දෙස බලන්නෙ. අපි මේ කතා කරන මොහොතෙම (18) කරුණානිධි ඉල්ලීමක් කරනවා උතුරු නැගෙනහිර ජනමත විචාරණයක් තියන්න කියලා. මීට දින දෙකකට පෙර ඔබාමා ජාත්‍යන්තර සංවිධාන හැට ගණනක් අමතමින් ලංකාවේ උතුරු නැගෙහිර ජනමත විමසුමක් පැවැත්විය යුතු බව ප‍්‍රකාශ කර තිබුණා. මේවා කිව්වට දැන්ම ඒව එන්නෙ නැහැ. එහෙත් යම් දවසක උතුරු නැගෙනහිර ලංකාව සමග එකට ඉන්නවද වෙන්වෙනවද කියලා ජනමත විචාරණයක් ආවොත් අපි මොකද කරන්නෙ. ඒ වගෙ ඛේදනීය තැනකට යනවද අපේ යුතුකම් අපි ඉෂ්ට කරනවද කියන මොහොතට අපි මුහුණ දීලා ඉන්නවා කියලයි මට නම් හිතෙන්නෙ. රජය උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කළොත් යම් තරමකින් අපිට මේ ප‍්‍රශ්නය ජය ගත හැකි බවයි. අපි තමන් ඇතුළෙම මේ ප‍්‍රශ්නය විග‍්‍රහකර ගන්න ඕන. ඇස් ඉදිරිපිට ඇති අනතුර තේරුම් නොගෙන මගහැර යාම මානසික ලෙඩක්.

මෙහිදී අපේ විදේශ ප‍්‍රතිපත්තිය වඩා ප‍්‍රායෝගික තැනක රැඳවීම අත්‍යවශ්‍යයි නේද?

අනිවාර්යයෙන්ම. වික‍්‍රමසිංහ මහතා අගමැති කාලෙ අපිට කියපු දෙයක් තමයි අපිට නවදිල්ලියට වඩා දකුණු ඉන්දියාව වැදගත් කියන එක. අපිට නිතරම ඔහු උපදෙස් දුන්නේ දකුණු ඉන්දීය දේශපාලනය සමග සබඳතා පවත්වන්න කියලයි. ඒ මිත‍්‍රත්වය උතුරේ ප‍්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට උපකාරීවෙනවා. මේ ආණ්ඩුවෙ සමහරු දකුණු ඉන්දියාවට යන්නෙ එහෙම මිත‍්‍රත්වයක් වර්ධනය කර ගන්න නොවෙයි. දකුණු ඉන්දියාවේ මොකක්ද කෝවිලක් තියන නිසා ඒකට යනවා. දකුණු ඉන්දීය නායකයන් සමග සංවාදයක් ඇතිකරගෙන නැහැ. මේ ගොල්ලෝ කිසිම අධ්‍යයනයක් නොකර සියලූම දකුණු ඉන්දීය නායකයන් එක ගොඩකට දැම්මා. කවුද එල්ටීටීඊයට පක්ෂ, කවුද විරුද්ධ කියන එකවත් සොයා බැලූවේ නැහැ. කවුද දේශපාලන විසඳුමකට කැමති කියන එකවත් සොයා බලන්න තිබුණා. 2000 මුල් භාගේ මහඇමති වෙලා ඉන්න කාලෙ ජයලලිතා එල්ටීටීඊයට තදින්ම විරුද්ධ කෙනෙක්. එයා වගේ කෙනෙක් මහ ඇමති වූවා නම් ආණ්ඩුව දැනගත යුතුයිනෙ ඇය සමග වැඩ කරන්න. අපේ ආණ්ඩුව ඇය සමග හැප්පුනා. රජයේ මාධ්‍ය බොහොමයක් ජයලලිතා කොටියෙක් කියලා හංවඩු ගැසුවා. ජයලලිතා දේශපාලන විසඳුමක් ගැන කතා කරන විට රජයේ මාධ්‍ය විතරක් නොව සමහර පුද්ගලික සිංහල මාධ්‍ය පවා ඇයට බැණ වැදී තර්ජනය කෙරුවා. මේ හරිම මන්දබුද්ධික වැඩපිළිවෙළක් නොවෙයිද? ඉන්දීය පාර්ලිමේන්තුවේ අය ලංකාවට ඇවිත් ඉන්නවා. එහෙත් දකුණු ඉන්දියාවේ කවුරුවත් ආවේ නැහැ. මං කියන්නෙ එහෙම තත්ත්වයක් අපි ඇතිකර ගත යුතු නැහැ. එකම පාර්ලිමේන්තුවෙ පිිරිසක් යද්දි තව කිහිපදෙනෙක් ඒ ගමන යන්නෙ නැහැ කියන එක බරපතළ ප‍්‍රතික්ෂේප කිරීමක්. රනිල් වික‍්‍රමසිංහ කිව්වේ නවදිල්ලියට වඩා තමිල්නාඩුව වැදගත් කියලනෙ. දැන් බලන්න මෙදා තමිල්නාඩුවේ බලපෑමත් අපි පිළිබඳ ඉන්දියාවේ මතය මෙන්ම ඡුන්දය වෙනස් වෙන්න ප‍්‍රබල හේතුවක් වූවා. තමිල්නාඩුවෙයි ලංකාවෙයි ඉන්න සේරම දෙමළ අය කොටි කියලනෙ ආණ්ඩුව කල්පනා කරන්නෙ. එහෙත් ඒ අයගෙන් 90%ක්ම සංධානෙ දේශපාලන විසඳුමකට කැමති අය.

ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමේ ආගමනය වත්මන් තත්ත්වය තුළ නිකුත් කරන සංඥාව මොකක්ද?

අපේ කණ්ඩායමකුත් මීට පෙර ඉන්දියාවට ගියා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ පැත්තෙන් කෙරුණු සංචාරයක් ලෙසත් මෙය කල්පනා කළ හැකියි. මේ සංචාරයට වැරදි අර්ථකථන දිය යුතුත් නැහැ. දැන් බලන්න 2009 දී ජිනීවාවල ඇතිවූ තත්ත්වය අපි ජය ගත්තෙ. ඒ කොහොමද දයාන් ජයතිලක ඒ වෙලවේ ලෝකෙට කිව්වා අපි 13 වැනි සංශෝධනය පදනම් කරගත් දේශපාලන විසඳුමක් දෙනවා කියලා. ඒ පොරොන්දුව නිසා තමයි එවර ඉන්දියාවත් අපිට සහයෝගය දුන්නෙ.

ඒ පොරොන්දුව අද වන තුරු ඉටුවෙලා නැහැනෙ. එදා අපි දිනපු ගමන් දයාන් තම පළමු වැනි ලිපිය ලිව්වේ අපි වහාම දේශපාලන විසඳුමකට යා යුතු බව අවධාරණය කරලයිි. මේ වතාවෙ ඉන්දියාව විරුද්ධව ඡුන්දෙ දීපු නිසා ඇටැක් එකකට ලංකාවට කණ්ඩායමක් එව්වා නොවෙයි. එහෙත් ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය සකස් වන්නේ මෙබඳු නිරීක්ෂණ හා කිරා මැන බැලීම් මතයි.

ආණ්ඩුව පහසුකම් සලස්වන්නා හා මග පෙන්වන්නා නිසා ඉන්දීය දූත පිරිසට ලංකාව තුළ ස්වාධීන නිරීක්ෂණයකට ලැබෙන අවකාශය කොහොම එකක්ද?

ඔවුන් උතුරේ බැලිය යුතු ස්ථාන කිහිපයක ලැයිස්තුවක් ආණ්ඩුවට ලබාදී තිබෙන බව දැනගන්නට තිබෙනවා. මම දන්නෙ නැහැ ඒ අවස්ථාව එයාකාරයෙන්ම ලැබෙයිද කියලා. ආණ්ඩුව දැන ගන්න ඕන ඔවුන් සම්බන්ධයෙන් විශ්වසනීයව කටයුතු කිරීමට. ඔවුන් පැහැදිලිවම කියා තිබෙනවා උතුරෙ සංවර්ධනය වැදගත්. එහෙත් සංවර්ධනය පමණක් මේ ප‍්‍රශ්නයට විසඳුමක් නොවෙයි, ඊට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා. එමෙන්ම දෙමළ ජනයාගේ සංස්කෘතික වුවමනාවන් ආරක්ෂා වන විධියට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවයි ඔවුන් අවධාරණය කර තිබෙන්නෙ.

13 වැනි සංශෝධනය කරගත් විසඳුමක් පිළිබඳව සුෂ්මා ස්වරාජ් අදහස් පළකර තිබෙනවා. මේ ගැන ආණ්ඩුව යම් ප‍්‍රතිචාරයක් දක්වා තිබෙනවාද?

ඔවුන් විමසා තිබෙනවා තර්ටීන් ප්ලස් කියන්නෙ මොකක්ද කියන එක. ආණ්ඩුව තුළ විවිධ අදහස් තිබෙන කොටස් ඉන්නවා. ඔවුන් එක මතයකට ගන්න එක අමාරුයි ආදී වශයෙන් අපේ කට්ටිය නහයෙන් අ`ඩපු බව ආරංචියි.

මේ තත්ත්වය තුළ විපක්ෂයේ භූමිකාව මොකක්ද කියන එක ගැන ඔබ දරන අදහස මොකක්ද?

ඔව් අපි කියන්නෙ මොන යම් හෝ සාධාරණ දේශපාලන විසඳුමක් ගෙන ඒමේදි ආණ්ඩුව තුළ ජාතිවාදී කොටස් විරුද්ධවෙනවා නම් එජාපය හැටියට අපි ආණ්ඩුවට 2/3 ලබාගැනීමට සහයෝගය දෙනවා. එහෙදි පටු දේශපාලන අරමුණු මුදුනට ගත යුතු නැහැ. ජාතික වැදගත්කමකින් යුතු කාරණයට එජාපය මුල් තැන දෙනවා. 13 කියන එක හෙටම ගේන්න, අපි සහාය දෙනවා. ඇත්තටම මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුම දෙන්න ඕන ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආණ්ඩුවකින්. එතකොට මිනිස්සුන්ගේ අවිශ්වාසයක් නැති වෙනවා. අපේ පක්ෂයේ සුළු ජාතික පදනම වැඩි නිසා මේ වගේ වැඩකදි යම් අසමාන සැකයක් කෙනෙක් ඇතිකරගන්නට පුළුවන්. මෙතෙන තියන ප‍්‍රශ්නය තමයි ආණ්ඩුවට දේශපාලන අවශ්‍යතාවක් නැති එක. කෙසේ නමුත් දැන් එදා එජාපය මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සිටි ස්ථාවරයට ආණ්ඩුවට අද හෙට එන්න වෙනවා. නැත්නම් පැවැත්මක් නැහැනෙ. අපි 13 උපරිමයෙන් කි‍්‍රයාත්මක කරන්න ඕන කියනකොට චන්ද්‍රිකාලා මහින්දලා කිව්වේ අපි රට බෙදන්න යනවා කියලයි. පාර්ලිමේන්තුව එකතුවෙලා ඡුන්දයක් තියලා අපි යුද්ධයකට ගියොත් උතුරට මොකුත් දෙන්න ඕනෙ නැහැ කියන ස්ථාවරයේ එදා මහින්ද රාජපක්ෂ හිටියා. එහෙත් දැන් මනා විනාශයකින් පසුව ආණ්ඩුවක් ආවත් තියෙන්නෙ දහතුනට. 13 ඉටු කරන්න අපිට එදා සහය දුන්නා නම් අද මෙහෙම අපකීර්තියක් රටට අත් වෙන්නෙ නැහැනෙ.

එහෙත් එල්ටීටීඊය පවතින තත්ත්වයක් තුළ 13ට ඉඩ ලැබෙන්නෙ නැහැනෙ.

ඒක තර්කයක්නෙ. එවර පාර්ලිමේන්තුව විසුරුවන වෙලාව වන විට කොටි, සාකච්ඡාවලට එන්න පොරොන්දු වෙලයි හිටියේ. දෙවැනි වතාවේ ඔවුන් සාකච්ඡාවට ආවා නම් තත්ත්වය පළමු වාරයට වඩා වෙනස් වෙනවා. ඔවුන්ට දැවැන්ත ජාත්‍යන්තර දැළක් එළලයි තිබුණෙ. කොටි සංවිධානට ඒ දැළෙන් පනින්න අමැරුවෙලයි තිබුණෙ. එහෙත් දැළ දාලා තියෙන්නෙ ආණ්ඩුවට. ඒකෙන් ගැලවෙන්න බැරුව ආණ්ඩුව හිරවෙලා ඉන්න බව දැන් පැහැදිලිව පේනවා.




Line
Sri Lanka