ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

කෙළවර කුමක්ද?

ආණ්ඩුවේ සමහර දඩබ්බර ක‍්‍රියා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ හොඳ නම පමණක් නොව රටේ හොඳනමද කැත කරන්නට හේතුවී තිබේ. ආණ්ඩුවට ආණ්ඩුවේ හොඳ නම කැතකර ගැනීමේ අයිතියක් ඇතත්, රටේ හොඳ නම කැත කිරීමේ අයිතියක් නැත.

ඉතාමත්ම ඛේදජනක දේ වනුයේ රට විශාල ජාත්‍යන්තර අවුලක පැටලී සිටින අවස්ථාවකදී එය මුළුමනින් නොසලකා රටේ හොඳ නම කැත කිරීමට හේතුවන අවලස්සන දේවල් දිගින් දිගට සිදුවීමය.

තිරගත කැරුණු අලූත්ම රංගනය ලෙස සැලකිය හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීමේ සිද්ධියයි. එවැනි පැහැරගැනීමක් සිදුවී නැති බව ආරක්ෂක ලේකම්වරයා පුන පුනා කියා සිටියේය. කුමාර් ගුණරත්නම් කෙනෙකු ලංකාවට පැමිණ නැති බවද කීවේය. එහෙත් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු පුරවැසියකු ලෙස සලකා ඕස්ටේ‍්‍රලියානු මහ ලේකම් කාර්යාලය ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සි...




කසුන් අමිල පුස්සවෙල [Sunday, April 22, 2012]

සරත් ෆොන්සේකා මහතාට යුද අධිකරණය මගින් ලබා දුන් වසර දෙකහමාරක සිරදඬුවම මේ මස 26 වැනිදායින් අවසන් වන අතර සුදුකොඩි නඩුවට අදාළ අභියාචනය ලබන මස 2 සහ 3 යන දිනයන්හිදී විවාදයට ලක් කිරීමට නියමිත බවත්, ඒ අතරතුර අනෙක් චෝදනාව වන හමුදා සෙබළුන් ළඟතබා ගැනීමේ චෝදනාවට ඇප ලැබුණහොත් ෆොන්සේකා මහතාට තාවකාලික නිදහසක් ලබාගත හැකි බවත් නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කියා සිටී.

සරත් ෆොන්සේකා මහතාට සුදුකොඩි නඩුවේ තීන්දුව මගින් වසර තුනහමාරක සිරදඬුවමක් නියම වූ අතර මේ මස 26 වැනිදායින් පසුව එම දඬුවම් කාලය ආරම්භවීමට නියමිතය.

නීතිඥ ලද්දුවහෙට්ටි මහතා ප‍්‍රකාශ කරන ආකාරයට සුදුකොඩි නඩුවේ තීන්දුවට විරුද්ධව ගොනු කළ අභියාචනය ලබන මැයි මස 2 සහ 3 යන දිනයන්වලදී විවාදයට ලක් කිරීමට නියමිතය. ඒ අතර කාලය තුළ අනෙක් චෝදනාව වන හමුදාවෙන් පැනගිය සෙබළුන් ළඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව ඇප ලැබුණහොත් ෆොන්සේකා මහතාට අභියාචනා තීන්දුව ලැබෙන තුරු සිරදඬුවමකින් තොරව කටයුතු කළ හැකිය. ලද්දුවහෙට්ටි මහතා වැඩිදුරටත් කියා සිටින්නේ මෙවර හෝ අභියාචනාධිකරණය මගින් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.

මේ සම්බන්ධව අනෝමා ෆොන්සේකා මහත්මිය අදහස් දක්වමින් කියා සිටින්නේ තමන් තවමත් අධිකරණයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.

ෆොන්සේකා මහතාගේ රෝගී තත්ත්වයන්ද මේ වන විට උත්සන්නව ඇති බවත් ඒ සඳහා වැඩිදුර ප‍්‍රතිකාර ලබාදෙමින් ඇති බවත් ෆොන්සේකා මහත්මිය පැවසුවාය.




Line
Sri Lanka