
විශ‍්‍රාම ගොස් සිටින අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගැන ඔහු තනතුරේ සිටියදී කරන ලද වැරදි ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත්කිරීමට එරෙහිව නීතිඥ සංගමයේ මහා සභාවක් ඉල්ලා නීතිඥයන් 150කට වැඩි පිරිසකගේ අත්සනකින් යෝජනාවක් නීතිඥ සංගමය වෙත භාරදී තිබේ. පුවත්පත්වල පළවූ වාර්තා අනුව එහි පළමු අත්සන යොදා ඇත්තේ නීතිඥ සංගමයේ මෙවර පැවැත්වෙන නිලවරණයේදී සභාපති ධුරයට තරග කරන ටිරන්ත වලලියද්ද මහතාය.
මෙම නීතිඥ පිරිසට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ඇතිවී තිබෙන හදිසි කැක්කුම සාකච්ඡුාවට ලක්විය යුතුව තිබෙන වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය. අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන හඬ නගන මේ සියලූදෙනා එදා සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදී එතෙක් අධිකරණය භුක්ති විඳිමින් තිබූ ස්වාධීනත්වය මරා දැමීම සඳහා කරන ලද සාහසික දේවල් ඉදිරියේ කළේ කුමක්ද? ඉන්පසු යුගයේ අධිකරණයේ සිදුවූ වැරදි...
