
ආණ්ඩුවේ සමහර දඩබ්බර ක‍්‍රියා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ හොඳ නම පමණක් නොව රටේ හොඳනමද කැත කරන්නට හේතුවී තිබේ. ආණ්ඩුවට ආණ්ඩුවේ හොඳ නම කැතකර ගැනීමේ අයිතියක් ඇතත්, රටේ හොඳ නම කැත කිරීමේ අයිතියක් නැත.
ඉතාමත්ම ඛේදජනක දේ වනුයේ රට විශාල ජාත්‍යන්තර අවුලක පැටලී සිටින අවස්ථාවකදී එය මුළුමනින් නොසලකා රටේ හොඳ නම කැත කිරීමට හේතුවන අවලස්සන දේවල් දිගින් දිගට සිදුවීමය.
තිරගත කැරුණු අලූත්ම රංගනය ලෙස සැලකිය හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීමේ සිද්ධියයි. එවැනි පැහැරගැනීමක් සිදුවී නැති බව ආරක්ෂක ලේකම්වරයා පුන පුනා කියා සිටියේය. කුමාර් ගුණරත්නම් කෙනෙකු ලංකාවට පැමිණ නැති බවද කීවේය. එහෙත් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු පුරවැසියකු ලෙස සලකා ඕස්ටේ‍්‍රලියානු මහ ලේකම් කාර්යාලය ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සි...
