ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

විභාග දෙපාර්තමේන්තුව

රටක තිබෙන මහජන හෙවත් රජයේ ආයතන සෑම එකක්ම මහජනයාගේ විශ්වාසය හා ගෞරවය දිනාගත යුතුය. එහෙත් සමහර මහජන ආයතන අනෙක් ඒවාට වඩා වැඩියෙන් මහජන විශ්වාසය දිනාගත යුතුය. ඒ එක් පැත්තකින් ඔවුන්ට පැවරී ඇති වගකීම සමාජයට ඉතා වැදගත් වන නිසා මෙන්ම එම කාර්යය ප‍්‍රමිතිගතව ඉටුවන බවට සමාජයේ ඇති විශ්වාසය බිඳවැටුණහොත් ඉන් සමාජයට වන හානිය අනෙක් ඒවා එවැනි තත්ත්වයකට පත්වුවහොත් සිදුවන හානියට වඩා බෙහෙවින් වැඩි නිසාය.

පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව එවැනි කිහිපයකි. මෙවැනි ආයතන ගැන විශ්වාසයක් ඇතිවන්නට නම් ඒවා ප‍්‍රමාණවත් තරම් කාර්යක්‍ෂමතාවෙන් යුතුව, ස්වාධීනව හා අපක්‍ෂපාතීව, නිවැරදිව කටයුතුකරන බවට හැඟීමක් මහජනයා තුළ ඇතිවී තිබිය යුතුය. අවාසනාවකට මැතිවරණ දෙපාර්තමේන්තුව හැර අනෙක් දෙපාර්තමේන්තු දෙක ගැන රටේ පවතින්නේ යහපත් හැඟීමක...



එල්ටීටීඊය විකුණං නොකා දෙමළ ජනයා ගැන බලමු

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

විමලනාත් වීරරත්න [Sunday, August 19, 2012]

පසුගිය 12 වැනිදා චෙන්නායිහිදී පැවැති දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුවේදී (Teso) ඇතිවුණු ප‍්‍රධාන සාකච්ඡාව මොකක්ද?

සමුළුව පැවැති දිනයේ පෙරවරුවේදී මෙරට දෙමළ ජනයා මුහුණදෙන මූලික කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කළා. මම එහිදී කිව්වා මෙතන තිබෙන යෝජනා සීමිතයි. මීට වඩා දේවල්, නිදසුනක් ලෙස 13 වැනි සංශෝධනයෙන් එහා ගිය බලය බෙදීමක් ගැන පවා එල්එල්ආර්සී වාර්තාවේ සඳහන් වෙන බව. මේ සමුළුවේදී බලය බෙදීම කියන කියන විෂය සාකච්ඡා නොවීමේ අඩුපාඩුව හා ලංකාවේදී අපි එල්එල්ආර්සී වාර්තාව මුළුමනින් කි‍්‍රයාත්මක කරවා ගැනීමට උද්ඝෝෂණය කරන බවත් මම කිව්වා. ඔවුන් එහිදී පැවසුවේ මෙම යෝජනා කි‍්‍රයාත්මක කරවා ගැනීමට එ.ජාතීන්ගේ සංවිධානය හා ඉන්දීය රජය මාර්ගයෙන් ලංකා ආණ්ඩුවට බලපෑමක් කළ යුතු බවයි. මම නැවත කිව්වා මේ පාර්ශ්ව දෙකටම දැනටමත් අදාළ කාරණය දන්වා තිබෙනවා, ඉන්දියාව වැනි රටක් ලංකාවේ ආණ්ඩුවට ශක්තිමත් බලපෑමක් කරන්නෙ නැහැ. ඔවුනුත් යුද්ධයට උදව් කරපු අය බව මම පැහැදිලි කළා. එපමණක් නොවෙයි අදත් ලංකාවේ ආණ්ඩුව පවතින්නේ සෝනියා ගාන්ධිගේ උදව්වෙන් ඒ නිසා ඔවුන්ට අපි හඬා වැලපීමෙන් වැළැකී දෙමළ ජන අයිතීන් දිනාගැනීම සඳහා ජනතා බලවේග ගොඩනැගිය යුතු බව තමයි මගේ අදහස හැටියට මම ඉදිරිපත් කළේ. අපි විපක්ෂයේ විරෝධය ලෙස දැනට කරමින් සිටින්නේ එවැනි කි‍්‍රයාවලියක් බවයි මම කිව්වේ. ඔවුන් කිව්වේ ඒකට විරුද්ධ නැහැ. තමනුත් තවත් විධියක ආරම්භයක් ගන්නයි හදන්නේ, මේ වෙනුවෙන් මහජන රැලියකුත් පවත්වන බවයි.

අනතුරුව සියලූ දෙනාගේ එකඟත්වයෙන් යෝජනා 14ක් සභාගත කර ගත්තා. එදිනම සවස ලොකු රැලියක් පැවැත්වීමට සූදානම් කර තිබුණා. ඒක තහනමට ලක් කළා. 8000කට නොවැඩි පිරිසක් කැඳවන්න කියලා නියෝග කර තිබුණට රැලියට 30000ක් විතර ආවා.

ඔවුන්ගේ යෝජනාවලිය තුළ අන්තර්ගත කාරණාවල ස්වභාවය මොකක්ද?

මානව හිමිකම්, අතුරුදහන්වීම් ගැන සෙවීම, කොලනි ඇතිකිරීම, හමුදා පාලනයකින් දෙමළ ජනතාව පීඩාවට පත්කිරීම, නැවත පදිංචි කිරීම ආදි කාරණා ඔවුන්ගේ ලියවිල්ලේ ප‍්‍රමුඛතාවයි. එහෙත් බලය බෙදීම කියන විෂයට ඔවුන් ඉතා අඩුවෙනුයි අත තබා තියෙන්නෙ. ඔවුන් බොහෝ දුරට ඉන්නෙ 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාණවත් කියන මතයෙයි. ෆෙඩරල් අදහස දරන ඞී.එම්.කේ මන්තී‍්‍රවරුන් 13 පිළිබඳ ඉන්දියාවේ අදහසේම තමයි ඉන්නෙ. මම කිව්වා ඒක දැන් අපේ රටේ කවුරුවත් පිළිනොගන්නා එකක්, චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා මහ ඇමතිධුරය දරන කාලෙ මේක නොපිළිගත් බව මම කිව්වා. එල්එල්ආර්සී එකේ ඊට වඩා ප‍්‍රශස්ත බලය බෙදීමේ ක‍්‍රමයක් තියනවා. ආරම්භයක් හැටියට එවැනි තැනකටවත් යායුතු බවයි මගේ අදහස වුණේ.

මේ වගේ සමුළුවකින් හා ඉදිරි කි‍්‍රයාකාරීත්වයකින් ලංකාවේ ආණ්ඩුවට කවර අන්දමේ බලපෑමක් කළ හැකි බවද ඔබ සිතන්නෙ.

මහින්ද රාජපක්ෂ මහතා අද (අගෝ 15) ගුවන් හමුදාවේ මොකක් හරි උත්සවයකදී කිව්වා ලංකාවේ එක නායකයෙක් ගිහින් ඊළාම් එකට බලකරනවා, එහෙම කරන එක වැරදියි කියලා. ඒකෙන්ම පේනවා මේ වැඩෙන් ඔවුන්ට යම් බාධාවක් වෙලා තිබෙන බව. එල්එල්ආර්සී කි‍්‍රයාත්මක කිරීම ගැන ආණ්ඩුවට මීට වඩා හිතන්න වෙයි.

සමුළුවට සහභාගි වූ සෙසු නායකයන් ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය ගැන ස්ථාවර මතයක ඉන්නවාද?

ඔව්. විවිධ මත දරන අයත් ඉන්නවා. කරුණානිධිගෙ මන්තී‍්‍රවරු පස්හය දෙනෙක් සිටියා. නයිජීරියාව, මැලේසියාව, ස්වීඩන් යන රටවල්වලින් නියෝජිතයෝ ඇවිත් හිටියා. සියලූම දෙනාම ගතහොත් 28ක් සිටියා. ටීඑන්ඒ මන්තී‍්‍රවරු කිසිවෙක් ආවේ නැහැ. ඊළාම්වරුන් නැති ඊළාම් සහයෝගිතා රැස්විමක් මේක.

එල්එල්ආර්සී යෝජනා ගැන රජයේ තිබෙන උනන්දුව කොහොමද?

ජනාධිපති කරන්නෙ බොරුවක්. මම එතනදී කිව්වෙත් ඉන්දියාව මෙයාට උදව් කරනවා. යුද්දෙටත් උදව් කළා. ඒ නිසා යුද්දෙදි වෙච්ච අපරාධවලටත් ඉන්දියාව වගකිව යුතු බව මම පැහැදිලි කළා. මම මේවා කියනකොට ඒ රටේ ජනතාව මගේ කට වහලා තියනවා කියලා මහින්ද රාජපක්ෂ රැස්වීමකදී කිව්වා. එහෙම එකක් වුණේ නැහැ. මම කියපු සමහර කාරණා ඉන්දියාවෙ අයට හිතා ගන්න බැහැ. ඒ නිසා ඔවුන් කැමතියි මම ඒ දේවල් කිව්වට.

ආණ්ඩුව ඇමරිකාවට ඉදිරිපත් කරපු එල්එල්ආර්සී එක පිළිබඳ කි‍්‍රයාකාරි සැලැස්ම කි‍්‍රයාත්මක වන එකක්ද?

කවුරුවත්ම දන්නෙ නැහැනෙ. ඒක මොකක්ද කියලා. විපක්ෂ නායකයාවත් දන්නැති ප්ලෑන් එකක් මේක. ඒ ගැන රටේ ජනතාව මොකුත් දන්නෙත් නැහැ. ඒ නිසා අපිට ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ කියලත් මම කිව්වා.

සමුළුවට බාධා කිරීම් කිහිපයක් එල්ල වුණේ කොහොමද?

පිරිසක් සුපී‍්‍රම් උසාවියට ගිහින් තමයි පිරිස 8000කට සීමා කළ යුතුය කියන නියෝගය අරගෙන තිබ්බේ. මධ්‍යම ආණ්ඩුවෙනුත් ඒ බාධා කිරීම තිබුණා. එහෙත් ජයලලිතා තමයි වැඩිපුරම මේ සිද්ධිය අල්ලගෙන පොලිසිය දාලා කලබලයක් කළේ. ජයලලිතාට මේක ලෝක ප‍්‍රශ්නයක් වුණා. මොකද එයා හොඳ එල්ටීටීඊ ආධාරකාර භූමිකාවක් රඟපාන බව පෙන්නුවනෙ. කරුණානිධි ආපසු ඒක අතට ගත්තා. මට පිරිසක් පහර දුන් බවට ප‍්‍රචාරය කරන්නෙත් ජයලලිතා. මට කවුරුවත් බාධා කළේ නැහැ. පත්තරවලටත් සාකච්ඡා දෙක තුනක් දුන්නා.

අපේ තේරීම් කමිටු පත්කිරීම වැනි උත්සාහයක් ගැන සමුළු නියෝජිතයන්ගේ මතය වුණේ මොකක්ද?

ඒ කවුරුත් දන්නවා මෙයා බොරුවක් කරන බව. මෙතෙක් කිසිම සාධනීය දෙයක් වුණේ නැහැනෙ. ඒ කවුරුත් ලංකාවේ වෙන්නේ මොකක්ද කියලා නොදන්න අය නොවෙයි.

මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ භූමිකාව මොකක්ද?

ඩයස්පෝරාව මේ වැඬේට පවා විරුද්ධයි. ඒ ගොල්ලො ප‍්‍රචාරය කරන්නෙ දෙමළ ජනයා ගැන බලන්න වෙන කිසිවෙක් නැහැ, ඩයස්පෝරාව හැර කියලයි. කරුණානිධිත් පාවා දුන්නා, වික‍්‍රමබාහුට කරන්න පුළුවන් දෙයක් නැහැ. එයාවත් මරණවා තව ටික දවසකින් වගේ කතා තමයි ඩයස්පෝරාව කියන්නෙ. දැන් ඔවුන්ගේ අදහස ඇමරිකාව මැදිහත්වෙලා දෙමළ ජනයාගේ රට බේරලා දෙන්න කියන එකයි.

ඩයස්පෝරාවට දෙමළ ජනයා ගැන සැබෑ උනන්දුවක් නැද්ද? ඩයස්පෝරාව වගේ එකක් මේ වගේ උත්සාහයක් විශ්වාස නොකරන්නේ ඇයි?

ඩයස්පෝරාව සාමූහික ප‍්‍රයත්නයක් විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන් හිතන්නෙ ඔවුන්ගේ උද්ඝෝෂණයෙන් දෙමළ ජනයාගේ ප‍්‍රශ්න විසඳාගත හැකියි. මේ රටවල් තුළ කැරෙන දේවල් ප‍්‍රතිඵල විරහිතයි කියලයි. ඩයස්පෝරාව පොඩි වාද පවත්තනවා. ඒවායේදී සාකච්ඡා කරනවා. මන්තී‍්‍රවරු හම්බවෙනවා. ඒවා තමයි ඔවුන්ගෙ වැඩ. ඔවුන් දැන් කරන්නෙ එල්ටීටීය විකුණං කෑමක්.

රුද්‍රකුමාරන් වැනි එල්ටීටීඊයෙ ඉදිරි කි‍්‍රයාකාරිකයන් ඩයස්පෝරාවේ වැඩ කරනවා. ඔවුන් තුළ ඇති ආකල්පය මොකක්ද?

ඔවුන් වෙනම රාජ්‍යයක් පිහිටුවාගෙන ඉන්නවානෙ. තමන් අගමැති කියල පිළිඅරගෙන මුදල් එකතු කරගෙන ඇමරිකාව මගින් තමන් හිතාගෙන ඉන්න පාර භෞතික රාජ්‍ය කි‍්‍රයාත්මක කර ගැනීමනෙ රුද්‍රකුමාරන් ඇතුළු පිරිසගේ අදහස. රට තුළ කිසිවක් මේ වෙනුවෙන් කරන්න බැහැ, සියලූ දෙනාම මරලා නිෂ්කී‍්‍රය කරලයි තියෙන්නෙ කියන අදහස තමයි ඔවුන් ඇමරිකාවට කියන්නෙ. ඊළාම් ප‍්‍රදේශයේ කිසිවක්ම වෙන්නෙ නැහැ, දෙමළ ජන අයිතීන් ගැන හිතන කිහිපදෙනෙක් ලිපි ලිව්වට වැඩක් නැහැ කියලයි ඔවුන් හිතන්නෙ. ඒ නිසා ඇමරිකාව මැදිහත්වෙලා ඊළාම් රාජ්‍යය හදලා දෙන්න කියලයි ඔවුන් කියන්නෙ. ඊට විරුද්ධව දෙමළ ජන අයිතීන් දිනීම ජනතා බලවේගයක, අරගලයක වැඩක් බව අපි පෙන්වා දෙන්න හදන එකට රුද්‍රකුමාරන්ලා විරුද්ධයි. එනිසා රට තුළ ජනතා බලවේගයකට බාහිර උදව් ලැබෙනවට ඩයස්පෝරාව කැමති නැහැ.

ඩයස්පෝරාවේ දෙමළ නායකයන්ගේ කඩාවැටීමත් එල්ටීටීඊයට ශක්තිමත් දේශපාලන අදහසක් නොතිබීමේ ප‍්‍රතිඵලයක් නේද?

ඔව්, ඒකත් එකක් තමයි. එල්ටීටීඊය දැන් නැහැ. ඔවුන්ට තිබුණේ මිලිටරි ප්ලෑන් එකක යන ගමනක්. ඒකට විකල්පව ඔවුන්ට වෙන දේශපාලනයක් තිබුණෙත් නැහැ. එල්ටීටීඊය දිනයි කියන මිථ්‍යාවක සිටියා. ඔවුන් හිතුවෙ නැහැ ඉන්දියාව මහින්දට උදව් කළොත් ඒගොල්ලො නිකම්ම ඉවර වෙනවා කියලා. අධි තක්සේරුවකයි එල්ටීටීඊය සිටියෙ. නැත්නම් මහින්දව බලයට පත්කරනවද ඔවුන්. මහින්ද හැරිලා ගැහුවත් ලෝකයේ ලිබරල්වාදීන් මැදිහත් වෙයි කියලයි එල්ටීටීඊය කල්පනා කළේ. ඒක වැරදි තක්සේරුවක්. මේ දැක්මෙහි තිබෙන අවුල තමයි එල්ටීටීඊයෙ ජීවතුන් අතර ඉන්න හැම නායකයකුටම බලපාලා තියෙන්නෙ, අද ඔවුන් කරන කියන දේවල්වලින් ඒ ව්‍යාකුලත්වය ඉතා හොඳින් පිළිබිඹු වෙනවා.




Line
Sri Lanka