
රට තිබෙන්නේ ප‍්‍රශ්න රාශියක ගිලීසිටිමින් සාජ්ජ දමන තත්ත්වයකය.
ආණ්ඩුව මොනවා කිව්වත් මේ වන විට මාසයක් තිස්සේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය
මුළුමනින්ම පාහේ අක‍්‍රිය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අරඹන්නට
සූදානම්ව සිටියදී ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක් අරඹා වර්ජනය කල්දමාගන්නට
ආණ්ඩුව උත්සාහ කළේය. ප‍්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක්
පත්කිරීමේ යෝජනාවක්ද එහිදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූයේය. මේ විසඳුම්
දෙකම නොපිළිගෙන ආචාර්යවරුන් වැඩවර්ජනයට යෑම ගැන ආණ්ඩුවේ හිත රිදී තිබෙන
බව පෙනෙන්නට තිබේ. සාකච්ඡා පැවැත්වීම වැඩවර්ජනය කරන අතරම කිරීමට
විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළහ. එය නිවැරදි තීරණයකි. ආණ්ඩුවේ යෝජනා
විශ්වාස කළ නොහැක්කේ, ආණ්ඩුවම සිය විශ්වාසවන්තභාවය බිඳගෙන ඇති හෙයිනි.
මීට අවුරුද්දකට පෙර සිටම, උසස් අධ්‍යාපන ඇ...
