
2010 වසරේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 2011දී පළාත් පාලන ආයතන
මැතිවරණ පැවැත්විණි. 2013 වසරට නියමිතව තිබුණු උතුරුමැද, සබරගමුව හා
නැගෙනහිර පළාත් සභා මැතිවරණ වසරකින් ඉදිරියට ගෙනැවිත් මේ වසරේ පැවැත්වෙයි.
ඉදිරි අවුරුදු දෙකද මැතිවරණ වසර බව ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ. මේ
අනුව බැලූ බැල්මට ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පොරොන්දු දේශයකි. එහි වසරක් පාසා
මැතිවරණ පැවැත්වෙයි. පාලකයෝ සිය පාලනයට ඇති මහජන කැමැත්ත උරගා බැලීමට
නොබියව මහජනයා ඉදිරියට යති. මහජනයාට සිය මතය පළකිරීමට අවස්ථාව ලැබෙයි.
ජනසම්මතයෙන් ජනතා නියෝජිතයෝ පත්වෙති.
එහෙත්, මේ මවාපෑම යටින් ඇති කනගාටුදායක යථාර්ථය නම්, රටේ නැත්තේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවය.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇත්තේ නම් පළමුව තැබිය යුත්තේ උතුරුමැද, සබරගමුව සහ
නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොවේ. උතුරු පළාත් සභා මැතිවරණ...
