ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණයේ කළු පැල්ලම්

යුක්තිය ඉල්ලා අධිකරණය ඉදිරියට කිසිවකු යායුත්තේ පිරිසිදු අත් ඇතිවයැ යි මූලධර්මයක් තිබේ. තමාද වරදක් කොට, ඊට වඩා වැඩි හෝ අඩු හෝ වරදක් කළ අයකුට එරෙහිව දඬුවම් ඉල්ලන්නට කිසිවකුට අයිතියක් නැත යන්න එහි ප‍්‍රායෝගික අර්ථයයි. මෙසේ පිරිසිදු අතින් අධිකරණයට එන තැනැත්තාගේ ආයාචනය විභාග කරන්නට නම් අධිකරණයේ සිටිය යුත්තේද පිරිසිදු අයෙකි. ඒ නිසා අධිකරණ විනිසුරන් ලෙස හොරුන්, වංචාකාරයන්, දේශපාලන ගැත්තන් හෝ දූෂකයන් සිටිය නොහැකිය. එවැනි පුද්ගලයන් අධිකරණ සේවයට එක්නොකර ගැනීමේ හෝ අධිකරණ සේවයෙන් ඉවත්කොට තැබීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවටත්ය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා චේතනාන්විතවම රටේ අධිකරණ පද්ධතිය දූෂණයේ, පක්‍ෂග‍්‍රාහීභාවයේ හා හිතුවක්කාරකමේ අගාධය දෙසට ඇදගෙන ගියේය. අධිකරණයෙන් යුක්තිය පතාගෙන එන අහිංස...




[Sunday, September 9, 2012]

උතුරුමැද පළාතේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා සහභාගිවෙමින් ජනාධිපතිවරයා විසින් ගොවීන්ට ලබාදෙන බවට පොරොන්දු වූ වගා ණය සහනය බොරුවක් බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ගොවි ජනතාව රාවයට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී දින කිහිපයකට පෙර ලබා දුන් ගොවි රක්ෂණ මුදලින් තමන් ලබා ගෙන තිබූ ණය මුදල් බැංකු විසින් කපා ගත් බැවින් ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඡන්ද පොරොන්දුවක් පමණක් බව ගොවීන්ගේ අදහසය.

පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ගොවීන් හත්සියයකට රුපියල් මිලියන 15ක පමණ රක්ෂණ වන්දි මුදලක් අදාළ දිනයේදී මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ලබාදී ඇති අතර එම මුදල් මාරුකර ගැනීම සඳහා බැංකුවලට ගියවිට අදාළ ණය වාරික කපා ගත් බව පවසන ගොවීන් එහිදී බැංකු කළමනාකරුවන්ට ජනාධිපතිවරයාගේ නියෝග සිහි කළ බවත්, එහිදී බැංකු කළමනාකාරවරුන් ජනපති කට වචනයට කී පමණින් බැංකු ණය මුදල් අය කිරීම නොනවත්වන බවත්, ඊට අදාළ ගැසට් නිවේදනයක් තමන්ට ලැබිය යුතු අතර එවැන්නක් නොලැබුණු බැවින් වාරික අය කිරීම සිදුකරන බවත් පවසා ඇත.

මේ පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිවරයාට දැන්වීමෙන් පසු අමාත්‍යවරයා බැංකු ප‍්‍රධානීන්ට බැණ වැදී ඇතත් අදාළ වාරික අය කිරීම එලෙසම සිදුවී ඇත.

මේ පිළිබඳව විමසීමට මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර ගොවිජන එකමුතුවේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා ගොවියාට අවංක ප‍්‍රකාශයක් නිකුත් කරන්නේ නම් කට වචනයට සීමා නොවී ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කළ යුතු බවය. එහෙත් මේ සියල්ල ඡන්ද පොරොන්දු පමණක් බවත් එය මේ රක්ෂණ වන්දි මාරු කරන්නට ගියවිට තහවුරු වූ බවත් ඒ මහතා පැවසීය.




Line
Sri Lanka