ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අපරාධ හා එල්ලූම්ගස ගැන

දැන් සැලකිය යුතු කාලයක සිට එල්ලූම්ගස ගැන විවිධ මාධ්‍ය වාර්තා පළවනු දක්නට ලැබෙයි. වරෙක, එල්ලූම්ගස ක‍්‍රියාත්මක කරන්නාගේ තනතුරට පත්වීම සඳහා සමාජයේ ඇති අධික ඉල්ලූම ගැන වාර්තා පළවෙයි. වරෙක, එහි මිනිසුන් එල්ලන කඹය ආනයනය කිරීම ගැන වාර්තා පළවෙයි. දැන් අලූතෙන්ම වාර්තා වන්නේ එල්ලූම්ගසේ ලෑලි පුවරු අලූත් ලෑලි යොදා ප‍්‍රතිසංස්කරණය කළ බවට බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යවලට කළ කරුණු දැක්වීමයි. පසුගිය පෙබරවාරියේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එල්ලූම්ගසේ ආකෘතියක්ද ප‍්‍රදර්ශනය කළ අතර, එහිදී කරන ලද ජනමත විමසුමකදී මත පළකළ පිරිසෙන් සියයට අසූවක් පමණ එල්ලූම්ගස නැවත ක‍්‍රියාත්මක කළ යුතුයැ යි අදහස්කළ බවද මාධ්‍ය වාර්තා කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දක්වන අධිකතර උනන්දුවෙන් පෙනෙන්නේ කවර මොහොතක හෝ රජය මරණ දඬුවම ...



මුල්ලිකුලම්

රුකී ප‍්‍රනාන්දු

පරිවර්තනය - හේමන්ත රණවීර [Sunday, August 12, 2012]

2011 මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුල්ලිකුලම්හි තල්වුපාඩු කඳවුරේ අභ්‍යන්තර අවතැන් වී ජීවත් වන උසස් පෙළ ශිෂ්‍යාවක් ඇගේ ගම සහ අවතැන්වී ජීවත්වීමේ බලපෑම ගැන ලියන ලද පැවරුමක් මට යොමු කළේය. ඇය එහි ඇගේ ගම ස්වභාව ධර්මයෙන් සම්ප‍්‍රදායයන් හා සංස්කෘතියෙන් කෙතරම් පොහොසත්ද යන්න ආඩම්බරයෙන් කියා තිබුණාය. එහෙත් ඇය තමාට ගෙදර යාහැකි දිනය මගෙන් හා මා සමග ගිය පූජකවරයාගෙන් විමසන විට ඇය ඉතා දුක්බර ස්වභාවයකට පත්ව සිටියාය. අප කිසිවෙකුටවත් ඇගේ ප‍්‍රශ්නයට දීමට පිළිතුරක් නොවීය. 2007 සැප්තැම්බර් පටන් මුල්ලිකුලම් පවතින්නේ හමුදා පාලනය යටතේ බව අපි දෙදෙනාම දැන සිටියෙමු. හමුදාව එහි වැසියන්ව බලහත්කාරයෙන් ඉවත් කළ දින පටන් අප ඔවුන් හමුවන අතර නැවත ගම්බිම්වලට ආපසු යාහැකි දිනය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොවීය.

ගම්වාසීන් තම ගම ගැන කතා කරන සමීප විලාසය සහ දුර දැරිය ගමේ ඉතිහාසය ගැන දක්වන ආඩම්බරය සලකා ඔවුන්ගේ ගම පිළිබඳ මේ විස්තර ලිවීමට අදහස් කෙරුවෙමු. ගම්වාසීන් සහ මන්නාරම බිෂොප්වරයා අදහස පිළිගත් අතර ඊට සහයෝගය දුන්හ. මා සම්බන්ධව සිටි නීතිය හා සමාජ භාරය (LST) ආයතනයේ අයද පර්යේෂණයට හා ලිවීමට මට සහාය දුන්නෝය. මේ වෑයමේදී ගමට යෑමට උත්සාහ කරන ඔවුන් හා මිතුරුවීමට අපට අවස්ථාව ලැබුණි.

ඔවුන් කෙතරම් දුප්පත් වුවත් ගැමියන්ගේ උණුසුම් පිළිගැනීම නොමඳව ලැබුණේය. අපගේ ප‍්‍රශ්න කිරීම් ඔවුන්ට කරදරයක් කොට සැලකුවේ නැත. ඔවුනට ප‍්‍රමාණවත් තරම් ආහාර නැතුව වුවද අපට දිවා ආහාරයද ඔවුන් ලබා දුන්හ.

2012 මැයි පූජකයකු ගෙන්වා ගෙන ගමේ ප‍්‍රථම දේව මෙහෙය පැවැත්වීමට ඔවුන් නාවික හමුදාවේ අවසරය ගෙන තිබුණි. මටද ඒ අවස්ථාවට ආරාධනා කරන ලද අතර මම ඊට කැමැත්තෙන්ම සහභාගි වුණෙමි. ගම්වාසීන් ගම හා පල්ලිය සමග දරන සුහද සබඳතාව මට මෙහිදී පැහැදිලි විය. එහෙත් පල්ලියට ඒමට තහනම් වූ පුරුෂයන් යන ස්ත‍්‍රීන් කටුකම්බි වැටට එහායින් සිට බලා සිටින දර්ශනය ශෝකය උපදවන්නක් විය. ගම්වාසීන් ඉතා ඇල්මෙන් තම නිවෙස් දෙස බලා සිටියහ. තම නිවෙස් සමුපකාර වෙළෙඳසැල ප‍්‍රජා මධ්‍යස්ථානය පාසල හා ගමේ අනෙකුත් ගොඩනැගිලි ආසන්නයේ තිබුණත් ඒවා පවත්නේ නාවික හමුදාව යටතේ බැවින් ඒවාට පිවිසීමට ඔවුන්ට අවසර නොමැත. ගම්වැසියන් මා සුහද ලෙස පිළිගත්තද නාවික හමුදා භටයන් මා ගැන සැක කොට ප‍්‍රශ්න කළ අතර මගේ නම ගම ලියා ගත්තේය.

ගම්වැසියන් මුල්ලිකුලම් කොණෙහි පදිංචිවීමට තීරණය කර ඇති බැවින් මට ජූනි මාසයේදී ඒ ගැන ඇමතුම් කීපයක්ම ලැබිණි. මට එහි යෑමට ලැබුණේ පසුගිය සතියේය. මා ඉරිදාම ඔවුන් හා පල්ලි ගත කළ අතර පසුව වනමැද පිහිටි ඔවුන්ගේ නව පදිංචි ස්ථානයට ගියෙමි. මගේ ගමන ගැන මා දුටු ඇසූ හා විඳි දේ ගැන ලිවයුතුව ඇත. එහෙත් ගම්වැසියන්ට තම නිවෙස්වලට යෑමට ලැබෙන තෙක් කතාව අසම්පූර්ණය.

ඉල්ලා ගන සිටීමේ නීත්‍යනුකූලභාවය

2007 සැප්තැම්බර්හිදී මුල්ලිකුලම් ගම්වැසියන්ට ශ‍්‍රී ලංකා හමුදාව විසින් ගමෙන් ඉවත්ව යන මෙන් බල කරන ලදි. එතැන් පටන් ඔවුන්ගේ එකම ඉල්ලීම තමන්ගේ ගමට වනයට පල්ලියට නිවෙස්වලට යෑමටය. මුලදී යුද හමුදාවද පසුව නාවික හමුදාවද මුල්ලිකුලම් අල්ලා ගෙන සිටිති. ගම්වාසීන්ට නීත්‍යනුකූලව අයිති පුද්ගලික ඉඩකඩම් මෙස් අල්ලාගන තිබේ. 1950 ඉඩම් පවරාගැනීමේ 9 වන පනතට අනුව මෙසේ අල්ලාගන සිටීම නීති විරෝධී බව මා මුණ ගැසුණු සියලූ නීතිඥයන් පවසා තිබේ. මුල්ලිකුලම් අධි ආරක්ෂක කලාපයට අයත් යයි ගැසට් කර නොමැත. මෙසේ ඉඩම් අල්ලා ගැනීමට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද ප‍්‍රතිපාදන නැත. මෙය ව්‍යවස්ථාවෙන් 14 (1) (4) සහතික කරන රටවැසියන්ගේ මූලික අයිතියක් උල්ලංඝනය කිරීමකි.

නිවස ආසන්නයට පැමිණීම

විරෝධතා පෙත්සම් ලියුම් හා රජය හා හමුදා නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලින් පසුව ගම්වාසීන්ට 2012 ජූනි 15 මුල්ලිකුලම් සීමාවේ වනාන්තරය තුළ පදිංචිවීමට අවසර ලැබිණි. මේ සඳහා රජයෙන් කිසිම සහනාධාරයක් නොලැබුණු අතර නැවතී සිටීමට සිදුවූයේ ගස්යටය. තමන්ගේ හෝටල් හා ඉඩම් නාවික හමුදාව දිගින් දිගටම අල්ලාගන සිටිද්දීය. මා අවසන් වරට ජූලි 22 එහි යනවිටද රජයෙන් කිසිම ආධාරයක් නොලැබී තිබුණි. තාවකාලික කූඩාරම් සඳහා ද්‍රව්‍ය පල්ලියෙන් ලැබී තිබුණු අතර අසල මුස්ලිම් ජනයාගේ හාල් හා අනෙකුත් ආහාර ස්වල්පයක් ලැබී තිබුණි. පවුල් 216ක පුද්ගලයන් 712ක් එහි සිටිති. මා යනවිටත් ඔවුන් පොල් අතු පැල්පත් අටවමින් තිබුණේය. වැසිකිළි ඇත්තේ 2ක් පමණක් වන අතරනෑමට අසල වැවට යායුතුව තිබුණි. වන අලි බියද මදුරු කරදරයද පවතී. ගමේ පාසල නාවික හමුදාව අල්ලා සිටින අතර පාසල් යායුතු දරුවන් සිටින්නේ අවතැන්වය. මා පල්ලියට යන අතරතුර දුටුවේ නාවික භටයන් පන්ති කාමරවල රැස්වීම් පවත්වන බවය. අපගේ බිම් දූෂණය කර ඇත. විදුලි කණු තැන තැන සිටුවා තිබේ. සැමතැනම බංකර් හාරා ඇත. වතුර ටැංකි ගොඩකර ඇති අතර පාරවල් ඉවක් බවක් නොමැතිව සාදා ඇත. එක් වැඩිහිටියෙක් පැවසීය.

මා මළවිට වළලන්නේ කොහේදැයි දන්නේ නෑ. මගේ මුතුන් මිත්තන් හා නෑදෑයන් අතර වළලා ගැනීමට මා බලා සිටිනවා. අසූ හැවිරිදි මහල්ලෙක් පැවසුවේය.

දේපළ සොරාගැනීම ජීවනෝපායන්ට බලපෑම

තමන්ගේ ගොවිබිම්වලට යෑමටද ජනයාට ඉඩක් නැත. නාවික හමුදාව පැවසුවේ ඔවුන් අපගේ කුඹුරු වගා කරන බවය. ඔවුන් අස්වැන්න කපාගන යති. මෙය මංකොල්ලකෑමකි. ගොවියකු අප සමග පැවසුවේය. ගම්වැසියන් පැවසුවේ අක්කර 1200කින් ඔවුන්ට වගාකිරීමට ඉඩදී ඇත්තේ අක්කර 50ක් පමණක් බවය.

ධීවර කර්මාන්තයෙන්ද ජීවත්වීමට ඔවුන්ට ඉඩ නැත. තමන්ගේ බෝට්ටු, එන්ජින්, දැල් ආදී උපකරණ යුද හමුදාව හා නාවික හමුදාව ඔවුන්ට ආපසු දී නොමැත. ධීවරයෝ කියති. ගේ දොර බඩු මුට්ටු පවා ඔවුන්ට ආපසු දී නැත.

ආගම ඇදහීමේ හා පල්ලි යෑමේ නිදහස

ජනයාට නිදහසේ පල්ලි යෑමටවත් පුද්ගලික හා පොදු මෙහෙයයන්ට සහභාගිවීමටත් අවසර නොමැත. ඔවුන්ට පල්ලියෑමට ඉඩ ලැබෙන්නේ හමුදාව අවසර දුන් විට හමුදා ආරක්ෂාව යටතේය. පල්ලියේ දේව මෙහෙයන් යාඥාවන් පැවැත්විය යුත්තේ තදබල හමුදා සුපරීක්ෂාව යටතේය. මා යාඥාවලට සහභාගි වූ අවස්ථා දෙකේම හමුදා භටයන් පල්ලියේ එළියේ සිටිනු දැක ඇත්තෙමි. උගත් පාඩම් සංහිඳියා කොමිසම බාධාවකින් තොරව ආගම ඇදහීමේ නිදහස ලබාදිය යුතුයැ යි සඳහන් කර ඇත.

නාවික නිලධාරීන් දෙන සහාය

ජනයාට පානීය ජලය ලබාදීමට කැලෑ එළිකර වැසිකිළි 2 සාදාදීමට නාවික හමුදා නිලධාරීන් සහාය වී ඇත. එමෙන්ම ඉරිදාට පල්ලියෑමට ගමන් පහසුකම්ද ලබාදේ. පල්ලියට ශබ්දවාහිනී හා පුටු සපයා දී ඇත්තේද ඔවුන්ය. මේ සහාය නාවික හමුදා නිලධාරීන්ගේ අනුකම්පාව මත සිදුවන්නක්ද නොදනිමි.

මුල්ලිකුලම්හි නව නාවික මධ්‍යස්ථානයක් ඇති කිරීම

2007 සැප්තැම්බර් 07දා යුද හමුදාව මුල්ලිකුලම්වලට ඇතුළු වූ අවස්ථාවේ මෙහි ස්ථිර නාවික හමුදා මූලස්ථානයක් ඇති කරන බව පැවසූහ. ඉන් මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණ කටයුතුවලට ආරක්ෂාව සැලසෙනු ඇතැ යි ප‍්‍රකාශ කරන ලදි. එමෙන්ම ප‍්‍රදේශය හරහා එල්ටීටීඊයට ආයුධ ලබාගැනීමද වළකාලිය යුතුවිය. මේ සඳහා නාවික හමුදාව සියලූ භූමිය අල්ලා ගත් අතර වන්කලෙයි හා සිලාවතුරේ කඳවුරු සමග SLNS භරණ නමින් 2009 මැයි 14 පිහිටුවන ලදි. වයඹ නාවික මූලස්ථානය පුත්තලමේ සිට මුලික්කාලම් වෙත ගෙන එනු ලැබීය. 2011 මාර්තු 8 ජනාධිපති මහින්ද රාජපක්ෂ මුල්ලිකුලම් කඳවුරට පැමිණි අතර කඳවුරේ යටිතල පහසුකම් දියුණු කිරීමට උපදෙස් දෙන ලදි.

කඩවුණු පොරොන්දු

පස් වසරක් තිස්සේ මා මේ ජනතාව දන්නා අතර ඔවුන්ගේ නිවෙස්වලට යෑමේ අපේක්ෂාව ගැනද දනිමි. 2007 සැප්. 7 යුද හමුදාව ඔවුන්ට ගමෙන් යෑමට බලකරන විට දින 3, 4කින් ආපසු ඒමට ලැබෙන බව පවසන ලදි. නාවික හමුදාව එහි ස්ථිර මූලස්ථානයක් සාදන බව පැවසුවේ පසුවය. නනත්තන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, ප‍්‍රාදේශීය ලේකම් රජයේ දිසාපති මන්නාරම බිෂොප්තුමා හා නාවික හමුදා ආඥාපති සහභාගි වූ රැස්වීමේදී පවසන ලද්දේ සති 2කින් ගම්වාසීන්ට ගමට යෑමට ලැබෙන බවය. 2009 යුද්ධය අවසන්වීමෙන් පසු මට යෑමට ලැබෙතැ යි බලාපොරොත්තු ඇතිවිය. 2010 ජනාධිපතිවරණයේදී ඇමති රිෂාඞ් බදියුදීන් ඔවුන් ගමට කැඳවා ගෙන ගොස් ගමේ පදිංචිවීමට ඉඩ ලබාදෙන බවට පොරොන්දු විය. එහෙත් ඒ පොරොන්දුවත් ඉටුවූයේ නැත. මේ ගැන 2010 මාර්තුවලදී මන්නාරම බිෂොප් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. ගමෙන් කොටසක් ගම්වාසීන්ට ලබාදෙන බවත් පවරාගත් ඉතිරි කොටසට වන්දි ගෙවන බවටත් ආරක්ෂක ලේකම් 2010 ජූලි 30 මන්නාරම බිෂොප්ට දැනුම් දුන්නේය. 2011 ජනවාරි මන්නාරම් බිෂොප් මේ සම්බන්ධව උගත් පාඩම් කොමිසමට පැමිණිලි කරන ලදි. 2011 මැද ගම්වාසීන්ට නැවත ගමේ පදිංචියට ඉඩදීමට උනන්දුවක් පෙන්නුම් කරන ලද අතර අගෝස්තු 26 පල්ලියේ මංගල්ලයට සහභාගිවීමට ගම්වැසියන්ට ඉඩදෙන ලදි. නාවික නිලධාරීන් පැවසුවේ ගම්බිම් භාරදීමට තමන්ට ඉහළින් උපදෙස් නොලැබුණු බවය. මන්නාරමේ බිෂොප් මුල්ලිකුලම් පිළිබඳව නැවත ජනාධිපතිට ලියන ලද අතර 2011 සැප්තැම්බර් 15,800 දෙනා එක්ව නිහඬ විරෝධතාවක් දක්වන ලදි. 2011 දෙසැම්බර් 1 දින කතෝලික බිෂොප් සම්මේලනය ආරක්ෂක ලේකම් සමග කළ සාකච්ඡාවකදී මන්නාරම බිෂොප්තුමා මුල්ලිකුලම් අල්ලා ගන සිටීම ගැන නැවත ආරක්ෂක ලේකම්ට මතක් කරන ලදි.

මීට පසුවද රජය හමුදාව හා නාවික හමුදාව සමග ගම්වාසීන් බිෂොප්තුමා සහ අනෙකුත් පූජකයන් සාකච්ඡා කරන ලදි. එහි කැලෑබද මාලන්කඩු ප‍්‍රදේශයේ පදිංචි කරවීමට ඉඩදිය හැකි බව එහිදී ප‍්‍රකාශ විය. මේ ගැන රැස්වීමේදී තීරණයකට එළැඹුණේ නැත. කළකිරුණු ගම්වාසීන් පිරිසක් කයාකුලි අසල නැවත පදිංචිවීමට එකඟත්වය පළ කළහ. ගමට ආසන්න මාලන්කඩු වනාන්තර මැද ජීවත්වීමට වාසස්ථාන තනාගැනීම සුදුසුයැ යි එක් ගම්වැසියෙක් අප සමග කීවේය.




Line
Sri Lanka