ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

දර්ශනයක් නැති ආණ්ඩුවක්

රට තිබෙන්නේ ප‍්‍රශ්න රාශියක ගිලීසිටිමින් සාජ්ජ දමන තත්ත්වයකය.

ආණ්ඩුව මොනවා කිව්වත් මේ වන විට මාසයක් තිස්සේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම පාහේ අක‍්‍රිය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අරඹන්නට සූදානම්ව සිටියදී ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක් අරඹා වර්ජනය කල්දමාගන්නට ආණ්ඩුව උත්සාහ කළේය. ප‍්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාවක්ද එහිදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූයේය. මේ විසඳුම් දෙකම නොපිළිගෙන ආචාර්යවරුන් වැඩවර්ජනයට යෑම ගැන ආණ්ඩුවේ හිත රිදී තිබෙන බව පෙනෙන්නට තිබේ. සාකච්ඡා පැවැත්වීම වැඩවර්ජනය කරන අතරම කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළහ. එය නිවැරදි තීරණයකි. ආණ්ඩුවේ යෝජනා විශ්වාස කළ නොහැක්කේ, ආණ්ඩුවම සිය විශ්වාසවන්තභාවය බිඳගෙන ඇති හෙයිනි. මීට අවුරුද්දකට පෙර සිටම, උසස් අධ්‍යාපන ඇ...




ජයසිරි විතාන [Sunday, August 5, 2012]

ප‍්‍රමිතියෙන් තොර ඞීසල් ගෙන්වීම නතර කරන ලෙසට පංච පුද්ගල කැබිනට් අනුකමිටුවකින් ගත් තීරණයද නොසලකා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති හැරී ජයවර්ධන මහතා අසාධු ලේඛනගත (බ්ලැක් ලිස්ට්) සමාගමකින් දිගින් දිගටම ප‍්‍රමිතියෙන් තොර ඞීසල් ගෙන්වීම නිසා බරපතළ තත්ත්වයක් රටේ ඇතිවී ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

හැරී ජයවර්ධන මහතා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිත්වය දැරූ කාලයේ බ්ලැක් ලිස්ට් කරන ලද සිංගප්පූරුවේ විටෝල් සමාගමෙන් දිගින් දිගටම ඞීසල් ගෙන්වීම නිසා එය නතර කිරීමට කැබිනට් අනුකමිටුවකින් තීරණයක් ගැනීමට සිදුවූ බව ඇමතිවරයා පවසයි. මෙම කැබිනට් අනුකමිටුවට ඒ.එච්.එම්. ෆවුසි, චම්පික රණවක, ඩිලාන් පෙරේරා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන මහත්වරුන් සහභාගි වී ඇති අතර හැරී ජයවර්ධන මහතාටද සහභාගි වන ලෙස දන්වා ඇතත් ඔහු මෙම කැබිනට් අනුකමිටුවට සහභාගි වී නොමැත. කැබිනට් අනුකමිටුව මෙම සමාගමෙන් ඞීසල් නොගෙන්වන ලෙසට තීරණයක් ගෙන ඇත. කැබිනට් අනුකමිටුවේ මෙම තිරණයද නොසලකමින් ඉන් පසුවත් අමතර ගාස්තුවක්ද ගෙවමින් විටෝල් සමාගමෙන් ලෝ සල්ෆර් ගෙන්වීමට සභාපතිවරයා කටයුතු කළ විට මෙමගින් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් එය නවතා දමන ලෙසට හැරී ජයවර්ධන මහතාට දැන්වීමට කටයුතු කරන විට ඔහු සංස්ථා සභාපතිකමින් ඉවත් වූ බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සභාපතිවරයා ඉවත්ව යෑමෙන් පසුත් මෙම සමාගමෙන්ම ඞීසල් ගෙන්වීම නැවැත්වීමට කටයුතු නොකළේ මන්දැ යි රාවය කළ විමසීමේදී ඇමතිවරයා පැවසුවේ සභාපතිවරයා ගත් තීන්දු තීරණ ඒ ආකාරයෙන්ම දැනටත් ක‍්‍රියාත්මක වන බවය. ටෙන්ඩර් මණ්ඩලයට අත පෙවීමේ හැකියාවක් තමාට නොමැති බවත් මෙම සමාගමේ ලියාපදිංචියද එසේම තිබෙන බවත් පැවසීය. ඊට පසුත් ටෙන්ඩර් කැඳවන විට එම ටෙන්ඩරයම එන බවත්, දැනට ප‍්‍රශ්නයක් ඇතිවී ඇති තෙල් තොගයද අඩුම මිල ගණන් ඇති ටෙන්ඩරයට ගෙන්වා ඇති බවත්, සංස්ථාවේ නිලධාරීන් එකම ජාලයක් යටතේ කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

මේ පිළිබඳව කරුණු දැනගැනීමට ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති හැරී ජයවර්ධන මහතා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීය.

ප‍්‍රමිතියෙන් තොර ඞීසල් ගෙන්වීම පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතාගෙන් රාවය කළ විමසීමේදී ඔහු පැවසුවේ ප‍්‍රමිතියෙන් තොර ඞීසල් මෙ.ටො. 40,000ක් දිවයිනට ගෙන්වා ඇති බවය. ඉන් මෙ.ටො. 20,000ක් කොළොන්නාවේ ද මෙ.ටො. 20,000ක් මුතුරාජවෙලද ගබඩා කර ඇති බවය. පසුගිය මස 17 වැනි දින ගෙන්වා ඇති මෙම තෙල් තොගවලින් කොළොන්නාවේ ඞීසල් මෙ.ටො. 20,000 මේ වනවිටත් වෙළෙඳපොළට නිකුත් කර අවසන් බවය.

පසුගිය 17 වැනිදා දිවයිනට ගෙන්වා ඇති මෙම තෙල් තොගය වෙළෙඳපොළට දැමූ විගසම ප‍්‍රමිතියෙන් තොර තෙල් බවට පැමිණිලි ලැබුණත් තෙල් නිකුත් කිරීම නවතා පරීක්ෂණයක් කිරීමට කටයුතු කළා නම් මෙවැනි විනාශයක් නොවන බව ආනන්ද මහතා පවසයි. දැන් තෙල් ටික බෙදා ඉවර වෙලා කමිටු පත් කරනවා පරීක්ෂණ පවත්වන්න. මෙම කමිටුවේ කාටද කතා කරන්නේ, මොනවද ඉදිරිපත් කරන්නේ කියල කවුරුවත් දන්නෙ නැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.




Line
Sri Lanka