
නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පරාජය විය. ඡන්දය දුන් මුළු ජනතාවගෙන් 63%කටත් වඩා පළකර තිබුණේ ආණ්ඩුවට එරෙහි මතයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය හා දෙමළ ජාතික සන්ධානය අතර වෙනස යන්තම් ඡන්ද 6,217කි. ප‍්‍රතිශතයක් ලෙස .99%කි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංඛ්‍යාව හා දෙමළ ජාතික සන්ධානයේ ආසන පිළිවෙලින් 14 හා 11 වන්නේ ප‍්‍රසාද ආසන දෙකක් සන්ධානයට ලැබීම නිසාය. ආණ්ඩුවට පක්‍ෂව ආසන 14ක් ලැබෙන විට මුළු ආසන 37න් ආසන 22ක බහුතරයක් ලැබෙන්නේ ආණ්ඩු විරෝධී මතයටය. විශේෂයෙන් නැගෙනහිර පළාතේ දෙමළ හා මුස්ලිම් ජනගහනය පසුබිමෙහි තබා බලන විට, ඒ ජනමතය පෙන්නුම් කරන්නේ රටේ වාර්ගික සුළු ජනතාව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ පාලන පිළිවෙත පිළිගන්නට සූදානම් නැති බවය. ඉලක්කම් එසේ පැහැදිලිව තිබියදීත් ගුණදාස අමරසේකර, බෙංගමුවේ නාලක හිමි වැනි ආණ්ඩුවේ අන්තවාදී පාර්ශ්වකරුවෝ එක්සත් ජනතා නිදහස...
