ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

තිබෙන ඡන්ද සහ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය

2010 වසරේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 2011දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්විණි. 2013 වසරට නියමිතව තිබුණු උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ වසරකින් ඉදිරියට ගෙනැවිත් මේ වසරේ පැවැත්වෙයි. ඉදිරි අවුරුදු දෙකද මැතිවරණ වසර බව ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ. මේ අනුව බැලූ බැල්මට ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පොරොන්දු දේශයකි. එහි වසරක් පාසා මැතිවරණ පැවැත්වෙයි. පාලකයෝ සිය පාලනයට ඇති මහජන කැමැත්ත උරගා බැලීමට නොබියව මහජනයා ඉදිරියට යති. මහජනයාට සිය මතය පළකිරීමට අවස්ථාව ලැබෙයි. ජනසම්මතයෙන් ජනතා නියෝජිතයෝ පත්වෙති.

එහෙත්, මේ මවාපෑම යටින් ඇති කනගාටුදායක යථාර්ථය නම්, රටේ නැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවය.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇත්තේ නම් පළමුව තැබිය යුත්තේ උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොවේ. උතුරු පළාත් සභා මැතිවරණ...



ජීවිතය සොයා එගොඩහ යන්නෝ

හර්ෂා රූපරත්න [Sunday, July 22, 2012]

නිදහස සොයා යන්නන් අත්අඩංගුවට පත්වෙමින් ඇත. අපේ මුහුදින් එහා ලෝකයකදී ලබන්නට බලාපොරොත්තු වූ නිදහස මොවුන් එකිනෙකට වෙනස් වූවා විය හැක. එහෙත් අවසානයේ මේ සියල්ලකගේම ඉරණම එකම ලෙසකින් තීන්දු විය.

මාස ගණනාවක් තිස්සේ මිනිස් ජාවාරම් යැයි කියමින් ශී‍්‍ර ලංකාවේ මුහුදු සීමාවේදී නීති විරෝධී සංක‍්‍රමණිකයන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් සංඛ්‍යාව කොපමණදැයි නිශ්චිත වශයෙන් සංඛ්‍යාලේඛන නොමැත. පොලීසියේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා පුද්ගලයන් 253 දෙනකු නීති විරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වෙද්දී අත්අඩංගුවට පත්වී ඇත. නාවික හමුදාවේ සංඛ්‍යා ලේඛන මීට වෙනස්ය. එම නිසා අත්අඩංගුවට පත්වූවන් සංඛ්‍යාව කොපමණදැයි කියා තිබීම පසෙකින් තබා මොවුන් මෙසේ හොර පාරකට තල්ලූ වීමේ යථාව දෙස බලමු.

පසුගිය මාස කිහිපය පුරා මෙසේ අත්අඩංගුවට පත් සංක‍්‍රමණිකයෝ අතර ඉන්දියානුවන්, පාකිස්ථානුවන් මෙන්ම ඇෆ්ගන් ජාතිකයන් ද සිටි අතරම විශාල ප‍්‍රමාණයක්් අත්අඩංගුවට පත්වූවෝ ශී‍්‍ර ලාංකිකයෝය.

අත්අඩංගුවට පත්වූවන් අතර විදේශිකයන් සිටීම මත ශී‍්‍ර ලංකාව මිනිස් ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් ලෙසට ආරක්ෂක අංශ මතුකරන සැකය සාධාරණීකරණය කළ හැකිය.

මේ සිදුවන්නේ මහා පරිමාණ මිනිස් ජාවාරමක් නම් ඒ සඳහා ජාවාරම්කරුවන් ශී‍්‍ර ලංකාව තෝරා ගෙන ඇත්තේ ඇයි? යුද්ධය පැවති වකවානුවේදී මෙලෙසින්ම හෝ මීට වඩා දරුණු ලෙස මිනිස් ජාවාරම සිදුවූ බව අපි දනිමු. එහෙත් ඒ නැගෙනහිර මුහුදු සීමාව නීතිවිරෝධී ත‍්‍රස්ත සංවිධානයක් ලෙස ලෝකය විසින් නම් කරන ලද එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ තිබියදීය. එය සාධාරණීකරණය කිරීම කළ නොහැකි වුවත් එවන් සමයක මිනිස් ජාවාරම් සිදුවීම පිළිබඳ තර්කයක් මතු කළ නොහැක. එහෙත් අද ලංකාවේ සියලූම මුහුදු සීමා පවතින්නේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ පාලනය හා ආරක්ෂාව යටතේය. යුද්ධයෙන් පසු ගතවූ වසර තුන තුළද විශාල වශයෙන් අපට අයත් නාවික සැතපුම් ප‍්‍රමාණය තුළ හා ඉන් ඔබ්බෙන් වූ මුහුදේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව විසින් අත්හැර දැමුවේ නැත. එසේ නම් මේ මුහුදු සීමාවේ ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වීම ආරක්ෂක අංශ නොදැනුවත්ම සිදුවන්නක් විය හැකිද? අනෙක් අතට එල්ටීටීඊ බලය හොඳින්ම කි‍්‍රයාත්මක වූ නැගෙනහිර මුහුදු සීමාවේ යළි නීති විරෝධී කටයුත්තකට මුලපිරීමට ආරක්ෂක ලේකම්වරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ඉඩ දේවිද? එසේනම් මෙම ජාවාරම් ආරක්ෂක අංශවල ඇස් වසා කළ හැක්කක් නොවන බව පැහැදිලිය.

තමන් කෙසේ හෝ ඕස්ටේ‍්‍රලියා දේශ සීමාවට පය ගැස්සවීම පිණිස මේ මිනිසුන් ජාවාරම්කරුවන්ට ලක්ෂ 7 සිට 9 දක්වා ප‍්‍රමාණයක මුදලක් ලබාදෙයි. එහෙත් මොවුන් ලක්ෂ 9ට මේ යන්නේ දිවි පරදුවට තබා යා යුතු අවධානම් ගමනකි. ධීවර රැකියාවට යොදා ගත නොහැකි තරම් අබලන් වූ බෝට්ටුවක හෝ ඩෝරා යාත‍්‍රාවක එයට ඉහිලිය නොහැකි තරම්වූ මිනිසුන් කන්දරාවක් පටවා ජාවාරම්කරුවන් මේ යවන්නේ ඒ මිනිසුන්ගේ ඉරණම් ගමනයි. එසේ ගිය 150කට අධික පිරිසකගෙන් 73 දෙනෙක් මුහුද මැදදී ජීවිත අහිමි කරගත්තේ මෙවැනි වූ ඉරණම් ගමනකදීය. ශී‍්‍ර ලාංකිකයන් කිසිවෙක් ඒ තුළ නොසිටියද යාත‍්‍රාව ගමන්ගෙන තිබුණේ ශී‍්‍ර ලංකාව හරහා වැටුණු ගමන් මාර්ගයකය.

අගාමික හා විගාමික පනත යටතේ මේ ආකාරයෙන් නීතිවිරෝධීව සංක‍්‍රමණය වන්නන් තොග පිටින් අත්අඩංගුවට පත්වීම දිගින් දිගටම සිදුවෙද්දී තවදුරටත් නොබියව මිනිසුන් මේ අයුරින් සංක‍්‍රමණය වීම කෙරෙහි යොමුවන්නේ ඇයි?

මොවුන්ගේ ජීවිතවලට වගකීමක් කිසිවකු දරන්නේ නැත. මුහුද මැදදී ජීවිතයට අනතුරක් වුවහොත් මළකඳ හෝ තමන්ගේ ඥාතීන් අතට පත් නොවී මහ මුහුදේ මසුන්ගේ ආහාරය බවට පත්වන බව මේ සංක‍්‍රමණිකයන් හොඳින්ම දනී. ඒ ඔවුන්ගේ ගිවිසුමයි. අත්අඩංගුවට පත්වුවහොත් ජාවාරම්කරුවන්ට ලබාදුන් රුපියල් ලක්ෂ 9ද අහිමිකර ගැනීමට මොවුන්ට සිදුවේ. ඒ සියල්ලම මේ අය දනිති. එහෙත් මොවුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ ලංකාවෙන් පිට වීමටය. අප ආමන්ත‍්‍රණය කළ යුත්තේ මේසා අවධානමක් දරා මෙරටින් පිටවීමට තරම් තැනකට මේ පිරිස් තල්ලූ වීමේ යථාවටයි.

ආණ්ඩුවට අනුව නම් මේ කි‍්‍රයාත්මක වන්නේ ජාත්‍යන්තරව ශී‍්‍ර ලංකා අපකීර්තියට පත්කිරීමේ ඩයස්පෝරා කුමන්ත‍්‍රණයකි. එය ආණ්ඩුවට එන ඕනෑම අභියෝගයකට ආණ්ඩුව දමන මුට්ටියයි. ආණ්ඩුවේ තර්කය එය නම් අපි මේ සමාජ ව්‍යසනය පිළිබඳ එතැන සිටම තර්ක කරමු.

ආණ්ඩුවට අනුව මේ සංක‍්‍රමණිකයන්ගේ බොහෝදෙනා ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් වූ ද්‍රවිඩ පිරිස්ය. සත්‍යයකි. එය අපිද පිළිගනිමු. එසේ නම් ආණ්ඩුවේ පුනරුත්තාපන කි‍්‍රයාන්විතය මෙතනදී බරපතළ ලෙස ප‍්‍රශ්න කළ යුතුය. ආණ්ඩුව ඉතාම කෙටි කලක් තුළ කොටි සංවිධානයේ සිටි සෙබළුන් පුනරුත්ථාපනය කොට අවසන් කළේය. දැන් ඉතිරිව සිටින්නේ ඉතාම දරුණු ගණයේ අපරාධවලට සංවිධානය තුළ සිටිමින් සම්බන්ධ වූ පිරිස් පමණි. ඒ අය තවමත් පුනරුත්ථාපනය වෙමින් සිටි.

මේ සංක‍්‍රමණය වන්නන් ආණ්ඩුව කියන පරිදි නම් පුනරුත්ථාපනය වූවෝ විය යුතුය. යුද්ධය දිනුවා නම් ජාතීන් සැමට සාධාරණ හා සමාන සමාජයක් ලංකාව තුළ ස්ථාපිත කරන බවට පොරොන්දු වූවා නම් පුනරුත්ථාපනය වූවෝ දැන් රජය සමග සුහද නම් මේ පරිද්දෙන් ද්‍රවිඩ ජාතිකයන් සංක‍්‍රමණය වන්නට පුළුවන්ද?

එතැනදී පශ්චාත් ගැටුම් අවධියේ ප‍්‍රතිසංධානය ශී‍්‍ර ලංකාව තුළ හොඳින් සිදුවී නැත. පුනරුත්ථාපනය වූවන්ට මේ රට තුළ තම අනාගතය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත. ඔවුන්ට මේ රට විශ්වාස නැත. ඒ නිසා මොවුහු තමන්ට ආරක්ෂාකාරි ස්ථානයක් සොයා යති. පිරිමින් මෙන්ම ගැහැණුන්ද දරුවන්ද මේ පිරිස් අතර සිටින්නේ ඒ නිසා නොවේද?

ලංකාව යනු ඔබගේත් මගේත් රටයැයි මේ මිනිසුන් විශ්වාස කරන්නේ නම් හා ඔවුන්ට යහපත් ආර්ථිකයක් මේ රට තුළ සකස්කර ගත හැකි යැයි විශ්වාසයක් පවතී නම් හොර ඩයස්පෝරාවකට මේ මිනිසුන් මෙවැනි අවධානම් ගමනක් සඳහා ගෙන්වා ගත හැකිද?

ඒ නිසා ආණ්ඩුව තමන් සිදුකළා යයි කියන පුනරුත්ථාපනය දින ගණනින් ඔලූගෙඩි ගණනින් මෙ පමණක් යැයි පෙන්වීමට උත්සාහ නොගෙන එය ගුණාත්මකව හා ප‍්‍රතිඵලදායිකව සිදුවී ඇත්දැයි අවංකව අවධානය යොමු කළ යුතුව ඇත. ප‍්‍රතිසන්ධාන සමයේ පැන නැගි බරපතළ සමාජ ගැටලූවක් ලෙස මේ සංක‍්‍රමණිකයන් දෙස බැලිය යුතුය.

ආණ්ඩුවට මේ මොහොතේ අවශ්‍ය දෙය මාධ්‍ය විසින්ද දෙමින් තිබේ. නාවික හමුදාව හෝ පොලීසිය මෙවන් පිරිසක් අත්අඩංගුවට පත්වූ වහාම ඇවිත් ෆොටෝ ගසාගෙන යන්නැයි කියන්නා සේ මාධ්‍ය නිවේදන නිකුත් කරයි. මාධ්‍ය විසින්ද බරපතළ අපරාධ කළවුන් පරිද්දෙන් අහිංසක බලාපොරොත්තුවක් සුන් වූ පුද්ගලයකුගේ බිම ඔබා ගත් මුහුණක් ඡායාරූපගත කරගන විත් මුල් පිටුවේ ඡායාරූපය ලෙස පළකරයි. එහෙත් සැ`ගවුණු මුහුණේ සැ`ගවී ඇති සත්‍ය මේ ඡායාරූපවල නොමැත.

මොවුන් වරදක් කර ඇත. එය මෙතරම් දරුණු දඬුවමක් සමාජය විසින් ලබා දිය යුතු වරදක්ද? එසේ නම් දඬුවම් ලැබිය යුත්තේ මොවුන් මේ තත්ත්වයට ඇද දැමීමට කරුණු සකස්කර දුන් සමාජයම නොවේද?

මෙසේ සංක‍්‍රමණය වන බොහෝ පිරිස් ද්‍රවිඩ අය වුවත් ඇතැම් සිංහල තරුණ පිරිස් ද මේ නීතිවිරෝධී සංක‍්‍රමණියන් අතරේ සිටියහ. ආණ්ඩුව දෙමළ ජනතාව කුමන්ත‍්‍රණකාරීන් කීවා නම් සිංහලයන් සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද?

දකුණේ්ද උතුරේද තරුණයක් තුළ සමාජ අසහනයක් ඇත. එය නැතැයි කීමට කිසිවකුට බැරිය. තරුණයන්ට රැකියා නොමැත. කටුක අත්දැකීම්වලට මුහුණදෙමින් පරිභව ලබමින් රැකියාවක් සොයා ගත්තද ඉන් ලැබෙන වැටුපෙන් ජීවත්විය නොහැක. මෙය ලංකාවේ තරුණ සමාජය තුළ කලක් තිස්සේ පවතින අසහනකාරී යථාර්ථයයි. ඒ නිසා තම ජීවිත කාලය පුරා මේ කටුකත්වයට මුහුණ දිය නොහැකි තරුණයන් කෙසේ හෝ ජීවිතය ජයගැනීමට ඉටා ගනිති. පසුගිය දිනවල අත්අඩංගුවට පත් සංක‍්‍රමණිකයන් බොහොමයකගේ සත්‍ය බලාපොරොත්තුව වුණේ එය යැයි අපි දනිමු. අත්අඩංගුවට පත් පිරිස පමණක් නොව ලංකාව තුළ සිටිමින් මේ කටුකත්වය තවදුරටත් අත්විඳින තරුණයන්ගෙන් ඔබ විමසා බලන්න. ඔවුන් මේ කිසිවෙක් වරදකරුවන් ලෙස හංවඩු නොගසනු ඇත. මේ ආකාරයට හෝ ලංකාවෙන් පිටවී ගොස් රැකියාවක් සොයා ගැනීමට අදහස් කරන නමුත් මේ අත්අඩංගුවට පත්වූවන්ට ලක්ෂ 9ක් සොයාගැනීමට පවා හැකියාව නොමැතිව සිිටින පිරිස් මේ සමාජයේ ඕනෑ තරම් ඇත. ආණ්ඩුව ඩයස්පෝරා කුමන්ත‍්‍රණයක් යැයි කියමින් වසන්කරන්නට යන්නේ මේ සමාජ යථාර්ථයයි.

අත්අඩංගුවට පත් සංක‍්‍රමණිකයෝ අවාසනාවන්තයෝය. එහෙත් මේ ආකාරයෙන්ම වූ අවදානම් ගමනක් වුවද සාර්ථක ගමනාන්තයක් කරගත් පිරිස්ද සිටිති. පසුගිය කාලය පුරා මේ ආකාරයෙන්ම යාත‍්‍රා 25 ආසන්න සංඛ්‍යාවක 1500කට ආසන්න ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණිකයන් ප‍්‍රමාණයක් ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රස්මස් අයිලන්ඞ් වෙත සාර්ථකව ළඟා වී ඇත. එහෙත් පෙරදී මෙන් ඕස්ටේ‍්‍රලියා රජය මොවුන් සාදරයෙන් පිළිගන්නේ නැත. දේශපාලන රැකවරණය පතා පැමිණෙන්නන් මේ වන විට ඕස්ටේ‍්‍රලියාවට කරදරයක් බවට පත් වී තිබේ. ඒ නිසාම ඕස්ටේ‍්‍රලියානු රජය සංක‍්‍රමණික රීති දැඩි කරමින් සිටී. එහෙත් තවමත් එරටට පැමිණෙන සංක‍්‍රමණිකයන්ට ඕස්ටේ‍්‍රලියානු රජයේ සැලකීම සැලකිය යුතු තරම් පහතට වැටී නැත. ඕස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා තනාපතිවරයා වන හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ මහතා ශී‍්‍රලාංකික සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් එරට නීති දැඩිකරන්න යැයි එරට රජයෙන් ඉල්ලා ඇත. ඔහු තම ඉල්ලීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතුය. මන්ද ඔහු මෙරට සිටි නාවික හමුදාපතිවරයෙකි. ඔහු ඉල්ලීම් ඉදිරිපත් කළ යුත්තේ හිඩැස් නිර්මාණය වී ඇති මෙරට නාවික හමුදාවෙන්ය. ඔවුන් අවංක නම් හා ආරක්ෂාව කෙරෙහි දැඩි පියවර ගන්නේ නම් නීති විරෝධී සංක‍්‍රමණිකයන්ට මේ ආකාරයෙන් ලංකාවේ සීමාව තරණය කිරීමට නොහැකිය. අනෙක් අතට තිසර සමරසිංහ මහතා මේ සිදුකරන්නේ රටේ සැබෑ ප‍්‍රශ්න ජාත්‍යන්තරයෙන් වසන් කිරීමේ ආණ්ඩුවේ කි‍්‍රයාන්විතයේ එක් කොටසක් කි‍්‍රයාත්මක කිරීමකි. කෙටියෙන් කිවහොත් නිරුවත්ව හිඳිමින් දෑතින් නිරුවත වසා ගැනීමට උත්සාහ කිරීමත් පමණකි.

නීති විරෝධී සංක‍්‍රමණ රටකින් රටකට සිදුවීම යනු හතු පිපෙන්නක් මෙන් හිටි හැටියේ ඇති වන්නක් නොවේ. ඕනෑම රටක සංක‍්‍රමණ අභ්‍යන්තරයෙන් වූ විශාල සමාජ හා දේශපාලන සංදර්භයක් පමණි. එය ඕනෑම රටකට පොදුය. ලංකාවේ නම් දැනට පවතින්නේ සිදුවූ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය අවුල් සහගත බවකි. එමෙන්ම කැකෑරෙන සමාජ ආර්ථික ක‍්‍රමයේ විකෘති ප‍්‍රතිඵලයකි. මේ මූලයන්ට පිළියම් නොයොදා සංක‍්‍රමණිකයන්ට දඬුවම් කිරීමේ කිසිදු ප‍්‍රයෝජනයක් රටකට අත්නොවේ. හුළං පිරවූ බෝලයක් බලහත්කාරයෙන් දිය යට තබාගෙන සිටිය හැක. එහෙත් ගිලිහෙන ඇසිල්ලකින් එය නැවතත් උඩ මතුවනු ඇත.




Line
Sri Lanka