
වෙනත් සියලූම අංශවල ගරාහැලීමක් හා පරිහානියක් තිබියදීත් ක‍්‍රිකට්වලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහී හා කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. දැන් ඒ තත්ත්වයද අහිමිවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එය අපේ රටේ ආයතන ක‍්‍රමයේ ගරාහැලීම හා පරිහානිය තවත් වැදගත් අංශයක සංකේතාත්මකව හා ප‍්‍රබලව පෙන්නුම් කරමින් තිබෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. රටේ සමස්ත ආයතන ක‍්‍රමයම තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය ගරාහැලෙන තත්ත්වයකය. එකතැන පල්වෙන හා ඵලදායකත්වය විශාල ප‍්‍රමාණයකට හීන කරමින් තිබෙන තත්ත්වයකය. දේශපාලනීකරණය, නීතියක් නැතිකම, අලසකම, නාස්තිය, අල්ලස හා දූෂණය රජකරන තත්ත්වයකය. විභාග දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිඵල අවුල එම ගරාහැලීමේ ක‍්‍රියාවලිය අලූතෙන් පෙන්නුම් කළ තවත් වැදගත් අවස්ථාවක් වන අතර රජයේ සේවකයන්ගේ වැටුප් ආරාවුල හා සරසවි ආරාවුලද එම අර්බුදයේම තවත් බලවත් ප‍්‍රකාශන දෙක...
