ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

කෙළවර කුමක්ද?

ආණ්ඩුවේ සමහර දඩබ්බර ක‍්‍රියා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ හොඳ නම පමණක් නොව රටේ හොඳනමද කැත කරන්නට හේතුවී තිබේ. ආණ්ඩුවට ආණ්ඩුවේ හොඳ නම කැතකර ගැනීමේ අයිතියක් ඇතත්, රටේ හොඳ නම කැත කිරීමේ අයිතියක් නැත.

ඉතාමත්ම ඛේදජනක දේ වනුයේ රට විශාල ජාත්‍යන්තර අවුලක පැටලී සිටින අවස්ථාවකදී එය මුළුමනින් නොසලකා රටේ හොඳ නම කැත කිරීමට හේතුවන අවලස්සන දේවල් දිගින් දිගට සිදුවීමය.

තිරගත කැරුණු අලූත්ම රංගනය ලෙස සැලකිය හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීමේ සිද්ධියයි. එවැනි පැහැරගැනීමක් සිදුවී නැති බව ආරක්ෂක ලේකම්වරයා පුන පුනා කියා සිටියේය. කුමාර් ගුණරත්නම් කෙනෙකු ලංකාවට පැමිණ නැති බවද කීවේය. එහෙත් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු පුරවැසියකු ලෙස සලකා ඕස්ටේ‍්‍රලියානු මහ ලේකම් කාර්යාලය ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සි...



කෙළවර කුමක්ද?

[Sunday, April 22, 2012]

ආණ්ඩුවේ සමහර දඩබ්බර ක‍්‍රියා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ හොඳ නම පමණක් නොව රටේ හොඳනමද කැත කරන්නට හේතුවී තිබේ. ආණ්ඩුවට ආණ්ඩුවේ හොඳ නම කැතකර ගැනීමේ අයිතියක් ඇතත්, රටේ හොඳ නම කැත කිරීමේ අයිතියක් නැත.

ඉතාමත්ම ඛේදජනක දේ වනුයේ රට විශාල ජාත්‍යන්තර අවුලක පැටලී සිටින අවස්ථාවකදී එය මුළුමනින් නොසලකා රටේ හොඳ නම කැත කිරීමට හේතුවන අවලස්සන දේවල් දිගින් දිගට සිදුවීමය.

තිරගත කැරුණු අලූත්ම රංගනය ලෙස සැලකිය හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීමේ සිද්ධියයි. එවැනි පැහැරගැනීමක් සිදුවී නැති බව ආරක්ෂක ලේකම්වරයා පුන පුනා කියා සිටියේය. කුමාර් ගුණරත්නම් කෙනෙකු ලංකාවට පැමිණ නැති බවද කීවේය. එහෙත් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු පුරවැසියකු ලෙස සලකා ඕස්ටේ‍්‍රලියානු මහ ලේකම් කාර්යාලය ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සිටීම නිසා නැවත ඔහු ඕස්ටේ‍්‍රලියාවට යවන තැනට කටයුතු යෙදීමට සිදුවිය. ආරක්ෂක ලේකම්වරයා මුලදී කීවේ කුමාර් ගුණරත්නම් කෙනෙකු නොදන්නා බවය. එහෙත් අවසානයේ නොයෙල් මුදලිගේ නමින් ඕස්ටේ‍්‍රලියාවට භාරදෙන්නට සිදුවූයේ කුමාර් ගුණරත්නම්ය. කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ ඕස්ටේ‍්‍රලියාවට ගිය පසුව පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් තමන්ගේ පරණ මව්බිම පතුරුගසන ලද අතර ලංකාව දිනාගෙන තිබුණු අවමන්සහගත තත්ත්වය ඒ නිසා තවත් වර්ධනය වීයැයි කිව හැකිය.

මේ දෙදෙනා පෙරටුගාමී පක්ෂයෙන් පැහැර ගනු ලැබූ පළමු දෙදෙනා නොවූහ. මීට පෙරද එම ව්‍යාපාරයෙන් තවත් දෙදෙනකු පැහැර ගත්තේය. මේ සිද්ධීන් ලෝකයට දෙන සංඥා යහපත් නැත. ඒ මගින් අවඥාවට ලක්වන්නේ රජය පමණක් නොවේ. රටද අවඥාවට ලක්වේ. බලයේ සිටින ආණ්ඩුව මේ රටේ තාවකාලික භාරකරයා වුවත් අයිතිකාරයා වන්නේ නැත. රටේ හොඳ නම ආරක්ෂා කිරීම රජයක් වෙත පැවරෙන ප‍්‍රධාන වගකීමකි.

කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ නීති විරෝධී තත්ත්වයක සිටියේ නම් ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුව තිබුණේ නීතියට අනුකූල ප‍්‍රතිපත්තියකි. ඔහුගේ වීසා කාලය ඉක්මවා තිබුණු බව කියනු ලැබේ. ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක්ද තිබුණු බව කියනු ලැබේ. එහෙත් විවෘත වරෙන්තුවක් තිබියදීත් පරිවාස ආණ්ඩු කාලයේ ධීවර අමාත්‍යාංශයේ නිල තනතුරක් දරන ලද බවද කියනු ලැබේ.

ලංකාව ගලවා ගැනීමට පොරකන නව නායකයන්ගෙන් වැඩි පිරිසක් විදේශ පුරවැසිභාවය ලබාගත් අයවීමද ලංකාවේ දේශපාලනය තුළ දක්නට තිබෙන අලූත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙකි. ආරක්ෂක ලේකම්වරයාටද ඇමරිකන් පුරවැසිභාවයක් ඇත්තේය. ජෙනරාල් සරත් ෆොන්සේකාද ඇමරිකාවේ ග‍්‍රීන් කාඞ් හිමියෙකි. මේ තත්ත්වය ඉදිරියේ තවත් වර්ධනය වනු ඇතැයි සිතිය හැකිය.

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ අවුලකට ලක්ව තිබෙන අවස්ථාවක රටේ විදේශ තානාපති සේවය තිබෙන්නේද විශාල අවුලක බව විදේශ අමාත්‍යාංශයට සම්බන්ධ විවිධ නිලධාරීන් අතර ප‍්‍රසිද්ධියේ හා අප‍්‍රසිද්ධියේ කැරෙන වාද විවාදවලින් පෙනී යයි. දයාන් ජයතිලක දේශපාලන පත්වීම්ලාභියකු ලෙස සැලකිය හැකි වුවද ඔහු ජිනීවාහි තානාපතිව සිටියදී ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහු ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ඔහුට ස්තුතිය පළකරනවා වෙනුවට අපරාධ ගණයෙහිලා සැලකිය හැකි චෝදනාලාභියකු බවට පත්කර තිබේ. ජිනීවාවල දෙමළ තානාපතිනියක සිටීම සංකේතාත්මක අර්ථයෙන් රටට ඉතා වැදගත්වීයැයි කිව හැකිය. ඇය දමිළ ඩයස්පෝරාවෙන් එල්ල වන බලපෑම් නොසලකා ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටියාය. දැන් ඇය ද දඩයමට ලක්වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

වාද්දුව පොලීසියේ අත්අඩංගුවේ සිටියදී ධීවරයකුට එල්ල වූ පහරදීමෙන් ඔහු මරණයට පත්වීමේ ඛේදජනක සිද්ධියක් ශ‍්‍රී ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවල නියම ස්වභාවය පෙන්නුම් කරයි. එම ධීවරයා පොලීසියට එරෙහිව පවරන ලද මානව හිමිකම් නඩුවක සාක්ෂිකරුවෙකි. පොලීසියට නඩුව ජයගැනීමට තිබුණු හොඳම ක‍්‍රමය මෙම සාක්ෂිකරුවා මරාදැමීම විය හැකිය.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේ දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරමය.




Line
Sri Lanka