ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණයේ කළු පැල්ලම්

යුක්තිය ඉල්ලා අධිකරණය ඉදිරියට කිසිවකු යායුත්තේ පිරිසිදු අත් ඇතිවයැ යි මූලධර්මයක් තිබේ. තමාද වරදක් කොට, ඊට වඩා වැඩි හෝ අඩු හෝ වරදක් කළ අයකුට එරෙහිව දඬුවම් ඉල්ලන්නට කිසිවකුට අයිතියක් නැත යන්න එහි ප‍්‍රායෝගික අර්ථයයි. මෙසේ පිරිසිදු අතින් අධිකරණයට එන තැනැත්තාගේ ආයාචනය විභාග කරන්නට නම් අධිකරණයේ සිටිය යුත්තේද පිරිසිදු අයෙකි. ඒ නිසා අධිකරණ විනිසුරන් ලෙස හොරුන්, වංචාකාරයන්, දේශපාලන ගැත්තන් හෝ දූෂකයන් සිටිය නොහැකිය. එවැනි පුද්ගලයන් අධිකරණ සේවයට එක්නොකර ගැනීමේ හෝ අධිකරණ සේවයෙන් ඉවත්කොට තැබීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවටත්ය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා චේතනාන්විතවම රටේ අධිකරණ පද්ධතිය දූෂණයේ, පක්‍ෂග‍්‍රාහීභාවයේ හා හිතුවක්කාරකමේ අගාධය දෙසට ඇදගෙන ගියේය. අධිකරණයෙන් යුක්තිය පතාගෙන එන අහිංස...



පැලස් පොලිටික්ස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අබිබවා ගිහින්

ආචාර්ය - කුමාර් රූපසිංහ

විමලනාත් වීරරත්න [Sunday, September 9, 2012]

රටට නව විකල්ප දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව දැන් පෙනී යන එක් සත්‍යයක්. මේ ගැන ඔබ අවධානය යොමු කරන්නෙ කොහොමද?

අරාබි වසන්තයෙන් අපිට මේ සඳහා යම් ප‍්‍රවේශයක් ගත හැකියි. එමෙන්ම පාඩමක්ද උගත හැකියි. ඒ රටවල බොහොම දරුණු ඒකාධිපති පාලනයක් තිබුණා. ලිබියාව, ටියුනීසියාව, ඊජිප්තුව වගේ රටවල කෲර පාලනයක් වගේම ඒකාධිපති බලයක් තිබුණා. මේකට විකල්පයක් හැටියට තමයි අරාබි වසන්තය මතුවුණේ. කාහටත් බලාපොරොත්තුවක් තිබුණා ඒක තුළින් අලූත් දේශපාලන ක‍්‍රමයක් ඇතිවෙයි කියලා. එහෙත් අපිට අද ඒ ගැන මිශ‍්‍ර අත්දැකීමක් තියෙන්නෙ. අපි ලිබියාව ගතහොත් මිනිස්සු අලූත් පාලක පිරිසකට ඡන්දය දුන්නා. එහෙත් ඒ සමගම ජනවාර්ගික හා ගෝත‍්‍රික ප‍්‍රශ්න සමාජයේ මතුවුණා. සුන්නි සහ ෂියා අර්බුදය උග‍්‍රවෙලා. ඒකට අල්කයිඩා රිංගනවා. ඊජිප්තුවෙ මැතිවරණයෙන් මෝර්සිගෙ මුස්ලිම් රදර්හුඞ් එක දිනයි කියල කවුරුත් හිතුවෙ නැහැ. බොහෝ දෙනෙක් කල්පනා කළේ ලිබරල්වාදීන් දිනයි කියලයි. මොකද ඇත්තටම ඒ විප්ලවය මෙහෙයවූයේ ලිබරල්වාදීන්. ඊට පස්සෙ මිලිටරි එක බැලූවා ජනතාව ලබාගත් ජයග‍්‍රහණය තමන් අතට ගන්න. මැතිවරණයේදී මුස්ලිම් රදර්හුඞ් එක දිනුවා. එහෙත් ජයග‍්‍රහණය තුළින් මෝර්සිට පුළුවන් වුණා මිලිටරි බලය සම්පූර්ණයෙන් කඩන්න. ඔහු දැනට ඉතා මධ්‍යස්ථව කටයුතු කරනවා. අපි දන්නෙ නැහැ ඉස්සරහට ඔහු මේ ප‍්‍රශ්නවලට උත්තර දෙන්නෙ කොහොමද කියා. අපි සිරියාව ගතහොත් අරාබි වසන්තය කියන එක එරට විශාල ඛේදවාචකයක්. එරට මිනිස්සු විශාල වශයෙන් පාරට බැස්සා. අවුරුද්දකට වැඩි ප‍්‍රමාණයක් උද්ඝෝෂණ කෙරුවා. ඒත් අසාඞ් තවම බලයේ සිටිනවා විතරක් නෙවෙයි ඇලවයිඞ් ගෝත‍්‍රය සුළුතරයක් ලෙස සුන්නි බහුතරය හමුදාව මගින් මර්දනය කරනවා. විරුද්ධ පක්ෂයත් බොහොම දුර්වලයි. ගෝත‍්‍ර අර්බුද මුළු මැදපෙරදිගම පැතිරිලා. සුන්නි සහ ෂියා අතර අර්බුදය උත්සන්නයි. අනෙක් අතට ඉරානය අසාඞ්ගෙ පාලනයට උදව් කරනවා. ලෙබනන්වලත් ගෝත‍්‍ර ප‍්‍රශ්නය තිබෙනවා. මේ විදියට බලනකොට මුළු මැදපෙරදිගම ආපසු ගිනිගන්න ඉඩ තියනවා. මේ හරහා අපේ ප‍්‍රශ්නයට ආවොත් ඔබ ඇසුවෙ විකල්පය මොකක්ද කියලනෙ. විකල්පය මතුවෙන්න නම් ඒකට දැනුම් බලයක් තිබිය යුතුයි. උගතුන්ගේ බලයක් මැදපෙරදිග පේන්නෙත් නැහැ. අපේ රටෙත් නැහැ.

ඔවුන්ට මර්දනකාරී රජයක් පෙරළන්න ජන බලයක් ගොඩනගන්න පුළුවන් වුණා. ඒක හරි. ඒත් ඊට පස්සෙ ඒ සමාජය වෙනස් කිරීම සඳහා ගන්න පියවරයන්හි දැනුමේ බලයක් නැහැ. ඒකෙදි ලිබරල්වාදීන් පරාජය වුණා. අපි රාවය පත්තරේ ගනිමු. සිස්ටම් එකේ ලොකු ආරාවුලක් තියෙනවා කියලනෙ ඒකෙ ලියන්නෙ. ඒ ගැන මට වාදයක් නැහැ. අපි ජනාධිපති ක‍්‍රමය ගතහොත් එමගින් ක‍්‍රමානුකූලව මහජනයාගේ පරමාධිපත්‍ය බලය පැහැර ගත්තා. පාර්ලිමේන්තු බලය හීන කළා. වර්තමානයේදී ජනාධිපති පාර්ලිමේන්තුවට උත්තර දිය යුතුත් නැහැ. එතකොට ජනාධිපති අතිවිශාල බලවේග කේන්ද්‍ර ගත කරගත් කෙනෙක්. අපි මාලිගා දේශපාලනය එනම් Palace Politics කියන එක ගතහොත් ඒක අද බරපතළ වෙලා තිබෙනවා. බණ්ඩාරනායක මහත්මියගෙ කාලෙත් පුංචි පැලස් එකක් තිබුණා. ජේ.ආර්ගෙන් පසු තමයි පැලස් පොලිටික්ස් ආරම්භ වුණේ. විධායක බලතල ජනාධිපති අතට ගත් පසුව තමයි මාලිගා දේශපාලනය ආවෙ. ඔහු වටා සිටින හෙන්චයියලා සහ බලවේග තමයි අන්තිමට රට හසුරුවන්න පටන් ගත්තෙ. පේ‍්‍රමදාසගෙ කාලෙ ඉඳලා ඇවිල්ලා චන්ද්‍රිකාගෙ කාලෙ වැඩිවෙලා දැන් මේක හොඳටම උත්සන්න වෙලා තියනවා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය අබිබවා කටයුතු කරනවා. ආර්ථිකය, අධ්‍යාපනය වගේ හැම ක්ෂේත‍්‍රයකම ප‍්‍රශ්න තියෙනවා. හැබැයි මම තවම දැකලා නැහැ එහෙම දේකට මිනිස්සු උත්තරයක් දෙනවා. අද ගෝලීය තත්ත්වය හරි සංකීර්ණයි. මුළු ප්ලැනට් එකටම අර්බුදයක් දැන් තියෙන්නෙ. තාම අපිට කාර්ල් මාක්ස් කෙනෙක් ඇවිල්ලා නැහැ. දැනුමේ බලය තුළින් මේ ප‍්‍රශ්නය විග‍්‍රහ කරලා ඒකට විකල්ප අදහස් දෙන්න.

ලංකාව මෙන්ම ලෝකයේත් ලිබරල්වාදයට වඩා මූලධර්මවාදය බලවත්ද?

නැහැ. ලිබරල්වාදය තවම බලවත්-එහෙත් ඊට තිබෙන පැවැත්ම ක‍්‍රමානුකූලව අඩුවෙමින් තිබෙන බවක් පෙනෙනවා. ඔබාමාගෙ ඡන්ද ව්‍යාපාරයෙදි විරුද්ධ පක්ෂයේ නායකයා ගතහොත් ඔහු භයානක මූලධර්මවාදියෙක්. ඔහුව හඳුන්වන්නේ ලේ බොන්නා යන නාමයෙන්. සුදු ජාතිය පිළිබඳ මුස්ලිම් අන්තවාදී ස්වරූපයේ මතයක් ඔහු දරනවා. යුරෝපයෙත් තවම වමද දකුණද කියලා ප‍්‍රශ්නයක් තිබුණට දකුණ තමයි බොහෝදුරට ඉදිරියට එන්නෙ. ලිබරල්වාදය නෙවෙයි. හැබැයි ඒ කවර ජයග‍්‍රහණයකටවත් වැඩි කල් පවතින්න බැහැ. මොකද ආර්ථික අර්බුදයට කාටවත් තිර පිළියමක් නැහැ. ඊළඟට මිලිටරි බලය පාවිච්චියට පෙළඹෙනවා. ඒ ක‍්‍රමයෙනුත් දිගුකල් යන්න බැහැ. සමස්ත අර්බුදය තේරුම් ගෙන ක‍්‍රියාකිරීමයි ඒ විෂයෙහි වැදගත් වෙන්නේ. දැන් බලන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඉතාම වැදගත් ප‍්‍රශ්න සමුදායක් තම වෘත්තීය අරගලය තුළ මතුකර තිබෙනවා. ඔවුන් දේශපාලන පක්ෂයකුත් නෙවෙයි. එහෙත් ඉදිරියට යා හැකියි. තවත් බිම් මට්ටමේ සංවිධාන ගණනාවක් ඔවුන් සමග එකට ගමන් කරන බව පේනවා. ඔවුන් තව තවත් පුළුල් ලෙස රටේ ප‍්‍රශ්න විවෘත වේදිකාවක සාකච්ඡුාවට ගතයුතු බවයි මගේ අදහස. යම් කිසිවකුට කිව හැකියි මේක ක‍්‍රමයේ ප‍්‍රශ්නයක් ඊට ප‍්‍රතිකාර කළ යුතුයි කියලා. ඒත් මූලිකව ඔඩු දුවා තිබෙන ප‍්‍රශ්නවලට වහ වහා අත තැබිය යුතුයි. ඒවා විසඳන්න ක‍්‍රමය වෙනස් වනතුරු සිටිය නොහැකියි.

අලූත් දේශපාලන සංස්කෘතියක් කියල කියන්නෙ කුමක්ද?

මේ ලෝකය පිවිසෙන තැන තොරතුරු තාක්ෂණයයි. ඊට පස්සෙ විද්‍යාත්මක තාක්ෂණය. තාක්ෂණය පිළිබඳ අවබෝධය අපේ රටේ ඉතා පහළම තැනක තියෙන්නෙ. ඒ නිසා මිනිස්සු දන්නෙ නැහැ කළයුතු නව මාදිලියේ වෙනස්කම් මොනවාද, අලූත් සොයාගැනීම් මොනවාද යන්න ගැන. ඒ කාලෙ මාක්ස් මේ සියල්ල හැදෑරුවා. අවුරුදු 20ක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඉඳලා, ඔහු තාක්ෂණය, මානව විද්‍යාව, විද්‍යාව, දේශපාලන ආර්ථිකය, සමාජ විද්‍යාව සහ භාෂා නවයක් ඉගෙන ගත්තා. ප‍්‍රාග්ධනය නිකම්ම ලිව්වෙ නැහැ. ඒ දැනුමේ බලය (Intellectual Power) පිළිබඳ අඩුවක් තිබෙනවා ලෝකයෙ.

අපි මෙතෙක් ගනුදෙනු කළ සාම්ප‍්‍රදායික ධනපති පක්ෂ හා වමේ ව්‍යාපාර තවදුරටත් වලංගුද?

සාම්ප‍්‍රාදයිකව ඔවුන් එම පක්ෂ පවත්වාගෙන යනවා. මේවායේ අභ්‍යන්තරයේ කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ. හැම පක්ෂයකම එක මුල්ලා කෙනෙක් ඉන්නවා. ඔහු වටා තමයි මුල ඒකාධිපති බලය තියෙන්නෙ. රනිල් හෝ මේවා වික‍්‍රමබාහු හෝ වේවා. කවුරු විධායකයට පත්වුණත් ඊට පස්සෙ ඒක තව කාටහරි දෙන්න ඕනෙ කියලා හිතන්නෙ නැහැ. තරුණ පරපුරට පුටුවක් දෙන්න හිතලවත් තියෙන්නෙ කවුද?

අනෙක් අතට මහජනයා ඡන්දය දෙන්න පුරුදු වී සිටින ක‍්‍රමය වෙනස් කළහැක්කේ කෙසේද?

මහජනයගෙ තියන ප‍්‍රශ්න විසඳගන්නෙ දේශපාලනඥයා සමග කිට්ටු වී සිටින්නෙ සහ ඔහුට ඡන්දය දෙන්නෙත්. එහෙම නැතුව වෙන විශ්වාසයක් මහජනයා තුළ නැහැ. දැන් අප ඉදිරියේ ප‍්‍රශ්න රැසක් තිබෙනවනෙ. විදුලිබලය, ගෝලීයකරණය පිළිබඳ ප‍්‍රශ්න. උතුරේ ප‍්‍රශ්නයක් තිබෙනවා. හැමතැනම ඉඩෝරය. ගංවතුර එන්නත් පුළුවන්. මුළු ව්‍යුහයටම උණ ගැනිලා වගේ. නියඟය නිසා ඇතිවන ප‍්‍රශ්නය මොකක්ද? තව මාස තුනකින් හැම ආහාරයකම මිල 100%කින් වැඩිවෙනවා.

එජාප, ශ‍්‍රීලනිප පක්ෂ දෙක සමග මුල් බැසගෙන සිටින ජනයාගේ මනස වෙනස් කරන්නෙ කොහොමද?

ඒක හරි අමාරු ප‍්‍රශ්නයක්. ඔය පක්ෂ දෙකේ අය පරම්පරාගතවම ඒ පක්ෂ දෙකට ඡන්දෙ දුන්නා. ඒකෙන් ඔවුන් යම් වාසියකුත් ගත්තා. පක්ෂ එක්ක මහජනයාට තියෙන්නෙ ලියාපදිංචි කළ ආකාරයේ ගනුදෙනුකාර සම්බන්ධයක්. දේශපාලනඥයො රස්සා ඉඩම් සහ තවත් දේවල් බෙදනවා. ඔහුගේ පැවැත්ම ඒක. ජනතාව ඒ මනුෂ්‍යයාට ඡන්දෙ දෙනවා. ඒ මනුස්සයා වෙනුවෙන් පෙළපාලි යනවා. මේක ගනුදෙනුවක්. ඒ නිසා ගනුදෙනුවේ ස්වභාවයයි වෙනස් කරන්න බලන්න ඕන.

යම්කිසි ව්‍යාපාරයක් මහජන විශ්වාසය දිනාගැනීමට නම් ව්‍යාපාරය පැත්තෙන් කළයුත්තේ කුමක්ද?

මෙතනදි ඉන්දියාව උදාහරණයක් ලෙස ගත හැකියි. මහත්මා ගාන්ධිගෙ මාවතේ සහ අන්නා හසාරේ ඒ කියන මහජන විශ්වාසය දිනාගත්තු නායකයෙක්. ඔහු මාස ගණනාවක් නොකා නොබී මහජනයා වෙනුවෙන් උපවාසයක නිරත වුණා. ඔහු ආදර්ශයක් පෙන්නුවා. එහෙම කෙනෙක් අපේ සමාජය තවම බිහිකරලා නැහැ.

අලූත් දේශපාලන ව්‍යාපාරයකට තිබෙන වගකීම මොකක්ද?

අද ලෝකයේ තිබෙන තත්ත්වය අවබෝධ කරගැනීම තමයි මූලික වගකීම වෙන්නෙ. ඊළඟට නායකයො දැනුවත් මිනිස්සු බවට පත්වෙන්න ඕන. අපේ නායකයො ඔය දෙකම කරනවයි කියලා පෙන්නෙ නැහැ. සටන් පාඨ ජප නොකර දැනුම වැඩිකර ගැනීමයි කළයුත්තෙ. මිනිසුන්ගෙ විශ්වාසය එතකොට හිමිවෙනවා.




Line
Sri Lanka