ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

විභාග දෙපාර්තමේන්තුව

රටක තිබෙන මහජන හෙවත් රජයේ ආයතන සෑම එකක්ම මහජනයාගේ විශ්වාසය හා ගෞරවය දිනාගත යුතුය. එහෙත් සමහර මහජන ආයතන අනෙක් ඒවාට වඩා වැඩියෙන් මහජන විශ්වාසය දිනාගත යුතුය. ඒ එක් පැත්තකින් ඔවුන්ට පැවරී ඇති වගකීම සමාජයට ඉතා වැදගත් වන නිසා මෙන්ම එම කාර්යය ප‍්‍රමිතිගතව ඉටුවන බවට සමාජයේ ඇති විශ්වාසය බිඳවැටුණහොත් ඉන් සමාජයට වන හානිය අනෙක් ඒවා එවැනි තත්ත්වයකට පත්වුවහොත් සිදුවන හානියට වඩා බෙහෙවින් වැඩි නිසාය.

පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව එවැනි කිහිපයකි. මෙවැනි ආයතන ගැන විශ්වාසයක් ඇතිවන්නට නම් ඒවා ප‍්‍රමාණවත් තරම් කාර්යක්‍ෂමතාවෙන් යුතුව, ස්වාධීනව හා අපක්‍ෂපාතීව, නිවැරදිව කටයුතුකරන බවට හැඟීමක් මහජනයා තුළ ඇතිවී තිබිය යුතුය. අවාසනාවකට මැතිවරණ දෙපාර්තමේන්තුව හැර අනෙක් දෙපාර්තමේන්තු දෙක ගැන රටේ පවතින්නේ යහපත් හැඟීමක...




ජයසිරි විතාන [Sunday, August 19, 2012]

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර (උ.පෙළ) විභාගයේ දැනට අවසන්කර ඇති ප‍්‍රශ්න පත‍්‍රවල තිබූ වැරදිවලට ලකුණු පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතත් එමගින් සිසුන්ගේ ඉසෙඞ්ස්කෝර් අගයට සේම අනෙකුත් අගයන්ට සිදුවන අසාධාරණය මේ වන විට සිදුවී අවසන් බව සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය ආර්. ඕ තටිල් මහතා පවසයි.

මහාචාර්යවරයා පවසන්නේ වැරදි ප‍්‍රශ්නයකට පිළිතුරු සැපයීමට උත්සාහ කළ සිසුවාට සේම එම ප‍්‍රශ්නය මගහැර අනිකුත් ප‍්‍රශ්නවලට පිළිතුර සැපයූ සිසුවාටත් නිකම් ලකුණු දීමෙන් මෙම වැරැද්ද නිවැරදි කළ නොහැකි බවය.

මෙම අවස්ථා දෙකෙන්ම සිසුන් ලබාගන්නා ලකුණුවල වන වෙනස්කම් ඉසෙඞ්ස්කෝර් අගයට සේම අනිකුත් අගයන්ටද බලපාන බවය.

එමෙන්ම ප‍්‍රශ්න පත‍්‍රවල වැරදි නිවැරදි කර තිබූ විභාග මධ්‍යස්ථානවල සිසුන් ගන්නා ලකුණු සහ එය නිවැරදිකර නොතිබූ විභාග මධ්‍යස්ථානවල සිසුන් ගන්නා ලකුණුවල විශාල වෙනසක් ඇතිවීමෙන් මෙම අර්බුදය තවත් උග‍්‍රවන බව මහාචාර්ය තටිල් පැවසීය.

මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව රාවය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ, දැනට ලකුණු පිළිබඳව ප‍්‍රශ්නයක් මතුවී ඇත්තේ ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයේ පමණක් බවය. එයට ලකුණු 1.5ක් බවය. දැනට මෙම විභාගයේ ඇතිවී ඇති ගැටලූ සියල්ල පිළිබඳව සමාලෝචනයක් සිදුකරමින් තිබෙන බවත්, ඉදිරියට ඇතිවන ගැටලූ පිළිබඳවත් විශේෂ සැලකිල්ලකින් කටයුතු කරන බවත්ය. දැනට ප‍්‍රශ්න පත‍්‍ර පිළිබඳව ගැටලූසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඒ ගැන නිවැරදි කිරීම් සිදුකර ඇති බවත්ය. ප‍්‍රශ්න පත‍්‍රවල සිදුවී ඇති වැරදි නිසා කිසිම දරුවකුට හානියක් වීමට ඉඩ නොදෙන බවත් ලේකම්වරයා පැවසීය.

මෙමගින් ඉසෙඞ්ස්කෝර් අගයට වන වෙනස්කම් පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ, ප‍්‍රශ්න පත‍්‍ර සෑදු මණ්ඩලය එවැනි වැරදි කල්තියා හඳුනාගෙන නිවැරදි කරන බවය.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ, එහි වගකීම ප‍්‍රශ්න පත‍්‍ර සෑදූ මණ්ඩලය දැරිය යුතු බවය. මෙවැනි වැරදි රාශියක් ප‍්‍රශ්න පත‍්‍රවල තිබීම ගැන විමසූ විට ඔහු පැවසුවේ, මෙම උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර සෑදීම ආචාර්ය මහාචාර්යවරුන්ට පැවරුවේ මෙම විභාගයට මාස හයකට පෙර බවය.

විභාග ප‍්‍රශ්න පත‍්‍ර වැරදි සිදුවීම පිළිබඳව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම විභාග කිසිවකුටත් දේශපාලනීයකරණය කිරීමට නොහැකි බවය. විභාග ප‍්‍රශ්න පත‍්‍ර සෑදු ආචාර්ය මහාචාර්යවරුන් හිතන ආකාරයට සිදුවන දේවල් වෘත්තීය සමිති දේශපාලනයක් සඳහා මෙහෙයවමින් සිටින බවය. මෙම විභාගය පිළිබඳව තමාගෙන් විමසීම අසාධාරණ බවත් ඒනිසා විභාග කොමසාරිස්ගෙන් විමසන ලෙසත් අමාත්‍යවරයා පැවසීය.




Line
Sri Lanka